*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සමරිසි සහෘදයනි, ප්‍රවේශමෙන්! ඔබව ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි හදිසි නීතිය දැන් ක්‍රියාත්මකයි!

සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා (LGBTIQ) දරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට පොලිස් සහ හමුදා නිලධාරීන්ට පෙර නොවූ විරූ බලතල ලබා දෙන ආන්දෝලනාත්මක හදිසි රෙගුලාසි දැන් සම්මත වී තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පවතින අංක 2289/07 දරන හදිසි රෙගුලාසි ඉදිරිපත් කරනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වන අතර, එය පාර්ලිමේන්තුවේ අතිබහුතර කැමැත්තකින් සම්මත විය.

මෙම රෙගුලාසිවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ජනාධිපතිවරයාට සහාය ලබා දෙන බොහෝ දේශපාලන පක්ෂවල දේශපාලඥයන් විසින් සිය පක්ෂපාතීත්වය පළකර තිබේ.

LGBTIQ පුද්ගලයන්ගේ නිවාස දැන් වරෙන්තුවකින් තොරවම වැටලිය හැකියි!

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යටතේ වරදක් සිදු කරන හෝ සිදු කර ඇති හෝ සිදු කළ බවට සැක කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව සෙවීමට සහ රඳවා තබා ගැනීමට මෙම රෙගුලාසිවල 11 වැනි වගන්තිය මඟින් අවසර ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ යන වගන්ති දෙකම LGBTIQ පුද්ගලයන්ට කෙණහිලිකම් කිරීමට, පීඩා කිරීමට සහ ඔවුන් අපරාදකරුවන් බවට හංවඩු ගැසීමට භාවිතා කර තිබේ.

LGBTIQ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බවට පාරම් බාපු අලි සබ්‍රිලා, ජීවන් තොණ්ඩමන්ලාත් සමරිසි ප්‍රජාව ජීවිතාන්තය දක්වා සිරගත කරන පනතට පක්ෂයි!

ආහාරපාන ගැනීම වැනි සරල දේකට පවා එකිනෙකා හමුවන LGBTIQ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවලට යොමුකිරීමට පොලීසිය කටයුතු කළ අන්දම පිළිබඳව මාධ්‍යය විසින් අනාවරණය කළේ ඉකුත් 2020 වර්ෂයේ ය.

මීට ප්‍රතිචාර දක්වමින් එවකට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කර සිටියේ තමා ඊට එරෙහි බවත්, LGBTIQ පුද්ගලයන්ට එරෙහි සියලුම අන්දමේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට තමා කැපවන බවත් ය. කෙසේවෙතත්, ඒ අලි සබ්‍රිම අද දිනයේ මෙම හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. 

ඉකුත් දිනෙක LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතකරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ද LGBTIQ පුද්ගලයන් ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි මෙම රෙගුලාසිවලට පක්ෂව ඡන්දය පළ කර තිබීම කණගාටුවට කරුණකි. 

ලංකාව දැන් සවුදි අරාබිය හා නයිජීරියාවටත් අන්තයි!

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිය යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වන ඕනෑම පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම ද රෙගුලාසිවල 12 (ඊ) වගන්තිය මඟින් පනවා තිබේ. මෙම දඬුවම ශ්‍රී ලංකාවේ LGBTIQ ප්‍රජාව සවුදි අරාබියේ හෝ නයිජීරියාවේ එකී ප්‍රජාවට පනවන අන්දමේ දඬුවම්වලට වඩා දරුණු දඬුවමකට යටත් කිරීමේ අවදානමක් දැන් පවතී. 

LGBTIQ ප්‍රජාව ඉලක්කරන මෙම දඬුවම් සහ අඛණ්ඩ හිංසා පීඩා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය (ICCPR) වැනි ජාත්‍යන්තර සම්මුතීන්වලට ශ්‍රී ලංකාව දක්වන කැපවීම් හා සම්පූර්ණයෙන්ම පටහැනි වේ. මෙවන් උල්ලංඝනය කිරීම් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානිකරනවා පමණක් නොව GSP+ වැනි සහන ඔස්සේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ අහිමි කිරීමේ අවදානම ද උත්සන්න කරයි.

මෙම නීති LGBTIQ ප්‍රජාවට එරෙහිව භාවිතා කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව මුලසිටම අවවාද කර තිබුණා!

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති LGBTIQ ප්‍රජාවට එරෙහිව යොදා ගත නොහැකි බවත් LGBTIQ පුද්ගලයන්ට එරෙහිව වෙනස්කොට සැලකීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවස්ථා ගණනාවකම ප්‍රකාශ කර තිබිණි. එහෙත්, මෙවන් අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ පීඩා කිරීම් දිගටම සිදුවනු දක්නට ලැබේ.

සමරිසි කාන්තාවකට එරෙහිව පොලීසිය ගොනුකළ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඉවත දමයි!

ඉකුත් දිනක වැලිසර මහබාගේ පොලීසිය විසින් සමරිසි කාන්තාවකට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නිෂ්ප්‍රභා කළේය. සමලිංගිකත්වය ‘මානසික රෝගයක්’ බවත් ඇය ‘දරුවන්ට අනතුරක්’ බවත් තර්ක කරමින් පොලීසිය එම කාන්තාව මානසික වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමේ වෑයමක නිරත විය. 

පොලීසියේ තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර, සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ අපරාද වරදක් නොවන බවට වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් යොමුකළ තර්කය අධිකරණය පිළිගත්තේය. 

හදිසි නීතියට එරෙහිව තරුණ ප්‍රජාවගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

ද ලිබරල් යූත් මූව්මන්ට් (The Liberal Youth Movement) තරුණ එකමුතුව විසින් මෙම හදිසි නීති රෙගුලාසිවලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඔවුන් පෙන්වා දුන්නේ මෙම රෙගුලාසිවල ඇතැම් විධිවිධාන ජාතික ආරක්ෂාවට තාර්කික හෝ සම්බන්ධයක් නොමැති බවයි. මෙම විධිවිධාන අතරට පෞද්ගලික අවකාශයේ සිදුවන සම්මුතිවාදී ආදර සහ/හෝ ලිංගික සබඳතා ඉලක්කකරන 11, 12 වැනි වගන්ති අයත් වේ.

මෙම හදිසි රෙගුලාසි සම්මතවීම පිළිබඳව LGBT+ ක්‍රියාකාරීන් සිය අතිශය කලකිරීම, වේදනාව සහ බිය ප්‍රකාශ කර තිබේ. වැඩිහිටියන් දෙදෙනෙකු ස්වකැමැත්තෙන් සිය නිවසේ නිදන කාමරයේ පෞද්ගලිකව සිදුකරන දේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විශ්වාසකරන පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් බවට පත්වන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කර සිටිති.

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan