සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රභල සාමාජිකයකු වූ ඇමරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුරකාලය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්(WHO) ඉවත් වීමත් සමඟ කැලිෆෝර්නියා ප්‍රාන්තය ස්වාධීනව එම සංවිධානය සමඟ නැවත සම්බන්ධ වීමට පියවර ගෙන තිබේ.
කැලිෆෝර්නියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙහෙයවන ‘ගෝලීය වසංගත අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර ජාලය’ (GOARN) සමඟ එක් වූ පළමු සහ එකම ඇමරිකානු ප්‍රාන්තය කැලිෆෝනියාව වන බවයි.
මෙය මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තියෙන් බැහැරව, ප්‍රාන්ත රජයක් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සෘජුව සහයෝගීතාවයකට එළඹුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.



