නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW:
එංගලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයේදි ඉතා හොඳින් පන්දු යවමින් සිටියදි ආබාධයකට ලක් වුණ ඒෂාන් මාලිංග තෙවන තරගය සඳහා ක්‍රීඩා කළ හැකි තරමට යහපත් සෞඛ්‍ය තත්ත්වයක නැති බව වාර්තා වෙනවා.එහෙත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සංචිතයේ ඔහුගේ නම දකින්නට ඇති බැවින් ඔහුට ඇත්තේ සුළු ආබාධ තත්ත්වයක් විය හැකි බවට අනුමාන කළ හැකියි.
ආබාධයට ලක් වූ තරගයේ දී එංගලන්තයට එරෙහිව හොඳින්ම පන්දු යවමින් සිටියේ ඒෂාන් මාලිංගයි.ඔහුට තවත් පන්දු ඕවර් 2.4 ක් යැවීමට තිබියදී ආබාධයකට ලක් වූ අතර,සමහර විට ඔහු ඒ වන විට එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගොඬ නඟමින් සිටි පීඩනයට අනුව ආබාධයට ලක් නොවුණානම් ශ්‍රී ලංකාවට එම තරගයේ ජයග්‍රහණය හිමිවන්නටත් ඉඩ තිබුණා.
මේ වන විට ලෝක කුසලානය සඳහා නම් කර තිබෙන15 දෙනෙකුගෙන් යුත් අවසන් නිල සංචිතය පහත දැක්වෙන අතර එහිදී ප්‍රහාරාත්මක පිතිකරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගනිමින් වැඩි ඉඩක් ඊට වෙන් කර තිබෙන බව දකින්නට ලැබෙනවා.
1) දසුන් ශානක – නායක
2) පැතුම් නිශ්ශංක
3) කමිල් මිෂාර
4) කුසල් මෙන්ඩිස්
5) කමිඳු මෙන්ඩිස්
6) කුසල් ජනිත් පෙරේරා
7) චරිත් අසලංක
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) වනිඳු හසරංග
11) දුනිත් වෙල්ලාලගේ
12) මහේෂ් තීක්ෂණ
13) දුෂ්මන්ත චමීර
14) මතීෂ පතිරණ
15) ඒෂාන් මාලිංග


