Home පුවත් ක්‍රී​ඩා නොරටට වැඩි ජයග්‍රහන ගිය – මෙරටට ජාත්‍යන්තර අත්දැකීම් ගලා ආ , ශ්‍රී...

නොරටට වැඩි ජයග්‍රහන ගිය – මෙරටට ජාත්‍යන්තර අත්දැකීම් ගලා ආ , ශ්‍රී ලංකා කණීෂ්ට විවෘත ස්කොෂ් ශූරතාවලිය

0
6

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW:

ආසියානු රටවල් නියෝජනය කරමින් දක්ෂතම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද සහභාගී වූ, ශ්‍රී ලංකා කණීෂ්ට විවෘත ස්කොෂ් ශූරතාවලිය 2026 ජනවාරි 28 සිට පෙබරවාරි 01 දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී සාර්ථකව පැවැත් විය. එහිදී වැඩි දක්ෂතා වෙනත් රටවල් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතින් ඉදිරිපත් වුව ද,ජාත්‍යන්තර තරග අත්දැකීම් විඳ ගැනීමට අපහසු විශාල ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට එම අඩුව විශාල වශයෙන් මෙම තරගාවලිය හරහා පිරිමසා ගන්නට හැකි විණ.

වයස් කාණ්ඩ කිහිපයක් හරහා පැවැති අවසන් තරඟවලදී සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ මැකාවු වැනි රටවල් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද විශිෂ්ට දක්ෂතා පෙන්වමින් ජයග්‍රහණ ලබා ගත්තහ. 11, 13, 15, 17 සහ 19න් පහළ පිරිමි හා බාලිකා කාණ්ඩවලදී උද්යෝගකාරි තරඟ රටාවන් දැකගත හැති විය.

15 න් පහළ කාන්තා කාණ්ඩයේ චතුනි තෙඹුවන ක්‍රීඩිකාව ඉරාන ක්‍රීඩිකා Tiana Toorani සමඟ පැවති තරඟයේදී අනුශුරතාවය දිනා ගත් අතර, පිරිමි කාණ්ඩයේ ශ්‍රී ලංකා කණිෂ්ට ජාතික ශූරයා වන මතීෂ විජේසේකර මැලේසියානු ක්‍රීඩක Erwin Kros Christopher හමුවේ පැවති තියුණු තරගයේදී අනුශුරතාවය ජයග්‍රහණය කරන ලදි. තවද සියලුම කාණ්ඩවල ජයග්‍රාහකයින්ට ආසියානු ශ්‍රේණිගත කිරීමේ ලකුණු පිරිනමන ලද අතර, 17න් පහළ සහ 19න් පහළ කාණ්ඩවල ජයග්‍රාහකයින්ට PSA ශ්‍රේණිගත කිරීමේ ලකුණු ද (ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලකුණු) ප්‍රදානය කෙරිණි.

Reliance Logistics, BIC Middle East, Capital Alliance PLC සහ Lucido – Ahangama අනුග්‍රහක දායකත්වය ලබා දුන් මෛ තරගාවලිය මඟින් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩාවේ දියුණුවට විශාල පිටුවහලක් විය.එසේම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඒ හරහා යම් විදේශ මුදල් සංචිතවල වර්ධනයට ද දායකත්වයක් ලැබිණ.

අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර, ජාතික ස්කොෂ් තේරීම් කමිටු සභාපති (විශ්‍රාමික) මේජර් ජෙනරල් තිස්ස ජයසූරිය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභපති ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ ඇතුළු නිළධාරීන් සහභාගී වූහ.
මේ සමඟ වන ඡායාරූපයේ වමේ සිට දකුණට දැක්වෙන්නේ ජාතික ස්කොෂ් සම්මේලනයේ ලේකම් එරංග අල්විස් මහතා, 19 පහළ බාලක අනුශූරතාව දිනූ මතීෂා විජේසේකර – ශ්‍රී ලංකාව, 19 පහළ බාලක ශූරයා Bjss Erwin Kros Christopher -Malaysia,ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,පර්මින් තක් – ඉරානය (අවුරුදු 19න් පහළ බාලිකා ශූරිය),බරන් මොහොමඩ්පූර් – ඉරානය (අවුරුදු 19න් පහළ බාලිකා අනුශූරතාව) සහ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ (ශ්‍රී ලංකා සභාපති ස්කොෂ් සභාපති) ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.