ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW:

රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක කුසලානයේ දී තරග විනිසුරවෙක් ලෙස කටයුතු කරන්නට සුදුසුකම් ලබා සිටිනවා.තවමත් මට මතක,එහෙත් ඔහුගේ අවිවේකි ක්‍රිකට් ජීවිතය තුළ අමතකව තිබෙන්නට පුළුවන් මතකයක් විය හැකි මා රවීන්ද්‍ර විමලසිරිගේ මේ ගමන සම්බන්ධයෙන් සටහනක් තැබිය යුතු බව සිතුවා. වසරකට සීමා වූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය පාසල් දිවිය තුළ රවීන්ද්‍ර අපට හමුවන්නේ රාජා හැටියටයි.


පාසලට ඇතුළත් වූ මුල්ම කාලයේ දී ම ක්‍රිකට් පුහුණුවට පැමිණි නිසා මෙන්ම,ඒ කාලයේ පාසල අසළම නවාතැන් ගෙන සිටි නිසා බොහෝ හවස්වරුවල පිට්ටනියෙන් අන්තිමට යන කෙනා මම වුණා. රාජත් එහෙමයි. මට වඩා පංතියක් උඩින් සිටි රාජා සහ මම සවස්වෙන තුරුම එකට සිටින නිසා ඔහු අයියා කෙනෙක්ට වඩා මිතුරෙක් බවට පත් වුණා.

හතේ පංතියේ සිටියදීත් අවුරුදු 13 න් පහළ ක්‍රීඩා කරන දීපාල් ගුණවර්ධනට ඉදහිට හෝ අයියා කීව ද,රාජාට හැමවිටකදීම රාජා යනුවෙන් අමතන්නට පුරුදුව සිටියා.


පාසලේ දෙවන නිවාඩු කාලය තුළ ගෙදර ගිය මට අම්මා පුහුණුවට පැමිණීමට නොදෙමින් රඳවා ගැනීම නිසා ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබීම මෙන්ම ඒ නිසාම පාලිත සර්ගෙන් බැණුම් අසන්නට සිඳුවීම ආදිය නිරීක්ෂණය කළ රාජා අම්මාට කරුණු පහදා දෙන්නට ඉදිරිපත් වෙන බව කියමින් අඛණ්ඩව ක්‍රීඩාවේ නියැලෙන්නට දිරිමත් කළා.


ඔහු ජ්‍යෙෂ්ඨ ලක්ෂණ එකල පෙන්නුම් කරමින් සිටියා. ඒ නිසාම අවුරුදු 15 පමණ වන විට ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කරන්නට අවස්ථාව උදා කර ගත්තා.මා පාසලේ නොසිටිය ද,ඔහු කොකාකෝලා කුසලානය දිනපු තරගයේ වීරයා වූ විට ක්‍රීඩා පුවත්පතේ මුල් පිටුව සරසන්නට තෝරා ගෙන තිබුණා.එදා තාත්තා දැන සිටිය මගේ මිතුරා මුල් පිටුවේ සිටින බව කියමින්ම තාත්තා ක්‍රීඩා පත්තරය ගෙනත් දුන්නා.මගේ මතකය නිවැරදිනම් එවිට රාජා පාසලේ නවවන ශ්‍රේණියේ විය යුතුයි.


මේ ජයග්‍රහණයත් සමඟ පන්නිපිටිය ධර්මපාලයට තණතීරු යෝජනාවක් පැමිණ තිබුණා. ඒ සඳහා විශාල කාලයක් ගත වුණ නිසා ධර්මපාලය පුහුණුවට පිටියක් නැති තැනට වැටුණා.ඔවුන් ඔරුවල වානේ සංස්ථා ක්‍රීඩාංගණයේත් පුහුණුවීම් කළ බව දැන ගන්නට ලැබුණා.


වයසට වඩා වගකීම් ගත හැකි සහ නිවුණු ගති තිබුණ රාජාට මිතුරුකම තිබුණාට වැඩිහිටියෙක් ලෙස ද යම් ගෞරවයක් තිබුණා.පන්දු යැවූ විට පිතිකරණයේ යෙදුනු විට පැමිණ රාජාගෙන් ඒ දේ ගැන විචාලීම පුරුද්දක් හැටියට කරනු ලැබුවා.එම වසරේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව මම කළල්ගොඩ පදිංචියට ගිය අතර එකල අවුරුදු 15 න් පහළ ක්‍රීඩා පිටියේ සිටි දැවන්තයෙකු වූ උපුල් හතුරුසිංහ (උපුල් චන්දික හතුරුසිංහ) සමීප මිතුරෙකු වූ බැවින් අවුරුදු 15 න් පහළ ක්‍රීඩා කළ අය සමහර විට ඒ ගැනත් මගෙන් විමසා සිටියා.හැබැයි රාජාට ඒ ගැන ඒ තරම් උවමනාවක් තිබුණේ නැහැ.ඔහු ප්‍රතිවාදියා කවුද යන්න ගැන තැකීම වෙනුවට පසුව මට තේරුම් ගිය විදිහට තමන් කාට වුව මුහුණ දිය හැකි මට්ටමට වර්ධනය කර ගන්නට මහන්සි වූ කෙනෙක් ලෙස තේරුම් ගත්තා.


ධර්මපාලයේ ක්‍රීඩා කළ බොහෝ දෙනෙක් පසුව පොලිසියට සම්බන්ධ වුණේ කෙසේද යන්න මා දැනුවත් නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුවස තිබුණ ගාමිණි පෙරේරා දුන් අවස්ථාවේ අසාර්ථක වන්නේ ද නැතුව,සංචිතයේ සිට අසනීප වූ විට අබු ෆුවාඩ් ගෙදර ගිහිං එන්න කියා පිටත් කරාට නැවත් එන්න කීවේම නැති බව මේ මෑත කාලයේ ඔහු සමග වූ සම්ම්‍රඛ සාකච්ඡාවකදි දැන ගන්නට ලැබුණා.


කෙසේ හෝ රාජලාගේ පොලිස් ස්ම්ප්‍රාප්තිය පොලිස් ක්‍රීඩා සමාජයට හොඳ වුවත්,පොලිසියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ මට්ටමේ තරගකාරී මට්ටමක නොතිබුණ කාලයක් බව කිව යුතුයි.පාසල් සමයේ සනත් ජයසූරියගේ වයසේ සිටි රාජා,ඊට පෙර ජාතික මට්ටමෙන් අවධානය දිනා ගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වුව ද ඔහුට වසන්නට ලැබුණු ගස පල පිරුණු එකක් වුණේ නැහැ.මධ්‍යම පාංතික සාමාන්‍ය පවුලකින් එන ක්‍රීඩකයෙකුට එකල රජයේ රැකියාවක්,ස්ථිර විශ්‍රාම වැටුපක් යන කාරණා වැදගත් වන්නට ඇති බවත් සිතෙනවා. කෙසේ හෝ රාජාගේ ක්‍රිකට් වපසරිය පොලීසියට කූඩු වුණා.


ඔහුගේ තිබෙන (මා දුටු) තැන්පත්කම යම් වැඩිහිටි ලක්ෂණ ගත් නිසා ද,ඔහු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩකයාගෙන් පසුව ඉදිරියට යන්නට තේරාගත් විනිසුරු වෘත්තිය කදිමට ගැලපෙන්නට ඇති බව සිතෙනවා.සවන්දීම ඔහුගේ ගුණාංගයක් වුණා.ඔහුට මහා විස්තර සපයන විට ඒවා අසා සිටීම විනා නැවත විචාලීමක් නොකර බව මට පසුකාලයක වැටහුණා.


මැණික් ගැන මැණික් පතල් ගැන ගෙදර ගැන ආදි ඔහුට දුරස් කතා මා බොහෝ විට පවසනවා.ඒවා සියල්ල උනන්දුවෙන් අසා සිටින බව පෙන්නීම හැරෙන්නට ඔහු පෙරළා පිළිතුරු දුන්නේ නැහැ.සමහර විට ඒ කිසිවක් ඔහු කණකට නොගෙන අසාගෙන සිටින බව පෙන්වන්න ඇත්තේ මව්පිය තුරුළෙන් වෙන්ව තනිව සිටින ඔහුටත් වසරකින් බාල මගේ මානසිකත්වයට ඒ අසා සිටීම වැදගත් වන්නට ඇතැයි සිතමින්.විනිසුරු වෘත්තියද රස නොදැනෙන දිවක් බඳු බව වරෙක සිතෙනවා.කිසිඳු දෙයක් ගැන ආසාවෙන් බලන්නට විදින්නට ක්‍රීඩාව තුළ විදිහක් නැහැ.කාගේ හෝ දක්ෂ පිතිකරණයට වහ වැටී සිටියත් එය තව දුරටත් නැරඹිමේ ආසාවෙන් දැවී යාමකදි එය ප්‍රකාශ නොකර සිටින්නට බැහැ.


ඒ නිසා ඇලී ගැලී සිටින්නට නොහැකි සම සිතින් දරාගෙන සිටිය යුතු වගකීමකින් ලෝකයේ ඉහළම පිළිගැනීමක් ලැබීම යනු රවීන්ද්‍ර විමලසිරි කුඩා කාලයේ සිට ප්‍රගුණ කළ ගුණාංගයක් බව මට සිතෙනවා.ඔහු කලබලකාරයෙකු නොවන බව කුඩා කාලයේ සිටම මතකයි.ඔහු ඉවසිලිවන්තයෙකු ලෙස ද මතකයි.දන්න කුඩා කාලයේ මෙන්ම පසුව ඔහුගේ ක්‍රීඩක දිවියේ දත්ත ගත්ත ද සාපේක්ෂව සාර්ථක ක්‍රීඩකයෙකු වෙනවා.


ඔහුට ක්‍රීඩකයාගේ භූමිකාව මඟ හැරෙනවා.අද වන විට කුසල් ජනිත් වැනි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ දක්ෂතා අනුව පොලිසියට බඳවාගෙන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට එය බාධාවක් නොවන්නට නඩත්තු කරගෙන යන්න අවස්ථාන ලබා දි තිබෙනවා.සමහර විට මේ තත්ත්වය රාජාලාගේ කාලයේ දී ක්‍රියාත්මක වුණානම් ප්‍රතිපලය මීට වඩා වෙනස් වන්නට තිබුණා.රවින්ද්‍ර විමලසිරි කියන විනිසුරුවරයා වෙනුවට රට මීට වඩා දන්න ක්‍රීඩකයෙකුව නිර්මාණය වන්නට තිබුණා.


ක්‍රිකට් ක්‍රීඩාවට පාසල් වියේ සිට යොමුවන අයෙකු ශ්‍රී ලංකාව වැනි රටක එක දිගට ක්‍රීඩා කරද්දී අධ්‍යාපනික වශයෙන් ජීවිතයේ දිනා ගත හැකි බොහෝ ඉලක්ක අත හරිනවා.මේක බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්.එක්තරා ක්‍රීඩාවක් සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවකදි මා විසින් විමසා සිටියේ වෙළද සේවා කේෂ්ත්‍රයට එම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් එක් කර නොගන්නේ ඇයි ද යන්නයි.ඒ මොහොතේ ගැලවෙන්නට පිළිතුරුක් දුන් නිලධාරියා මාධ්‍ය හමුව අවසානයේ පැවසුවේ ‘උන් බොක්කෙන්ම සෙල්ලම් කරන දක්ෂයො.ඒකට කාලය වැය කරාම අධ්‍යාපනය මඟ හැරෙනවා.එහෙම වුණාම වෙළද සේවා එක පැත්තෙන් රැකියාවන් ගන්න අමාරුයි‘
මේ කාරණයට පවතින කට පාඩම් අධ්‍යාපන ක්‍රමයත් යම් විදිහකට බලපාන්න පුළුවන්.එවා මෙවැනි සිඳුවීම් සමඟ අවධානයට ගත යුතු පුද්ගලානුබද්ධ සිඳුවීමක් පමණක් නොවේ.පුළුල්ව සිතිය යුතු කාරණා වන අතර කිසිවිටෙක අධ්‍යාපනය කියන කාරණය පදනම් කරගෙන එහි විෂය නිර්දේශ සකස් කරන විට මෙවැනි පරිභාහිර දේ ගැන අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැහැ.කලා මාධ්‍යයන් ගත්තත් පාසල් පරිසරය ඇතුළෙ බොහෝ විට සළකන්නෙ විෂය භාහිර වැඩක් හැටියට.ඒ නිසා මේවා අධ්‍යාපනික විය යුතු සීමාවන් අධ්‍යාපනයේ ක්‍රීඩාව රැඳිය යුතු නිවැරදි තැන තවම තැන්පත්ව නැති බවත් රාජාගේ ක්‍රිකට් ජිවිතය තුළ මතු වූ අනු මාතෘකාන තුළත් කියවෙනවා.

හැබැයි රවින්ද්‍ර විමලසිරි ජාත්‍යන්කර විනිසුරුවෙකු වන්නේ ඔහුගේ හැදෑරීමේ ධාරිතාවයත් සමඟයි.මේ අවස්ථාව අධ්‍යාපනික ගමණක් කියන කාරණය අමතක නොකළ යුතුයි.විශේෂයෙන් ජාත්‍යන්තර තළයේ ක්‍රීඩකයන් යනු ක්‍රිකට් තාක්ෂණය පමණක් නොවේ ක්‍රිකට් නීතියත් හොඳින් ඉගෙන ගත් පිරිසක්.ඊට ආසන්නම උදාහරණය පිටියට එමා පමාවිම පදනම් කරගෙන බංගලාදේශ ක්‍රීඩකයින් ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීම.ඒ නිසා අධ්‍යාපනයෙන් සීමා නොවී ඒවා ධාරණය කර මතකයේ තබා ගැනීම වැදගත්.



යම් ආකාරයකට පෞද්ගලික බැඳීමක් මේ සටහනට පදනම් වුවත්,රවීන්ද්‍ර විමලසිරි කියන විනිසුරුවා පැමිණි ගමන සහ මේ ලෝක කුසලානය විනිශ්චය කිරීම දක්වා සුදුසුකම් ලැබීම අධ්‍යයනය කළ යුතු කාර්යයක්.ඒ සඳහා කළ කැපවීම් ඇපවීම් සුළුවෙන් ගත නොහැකියි.පසුව දවසක අතීතය සිහිපත් කරමින් ඒ කතාවන් ගෙන එන්නට කැමත්තෙන් රාජා ට විනිසුරු ගමණේ රජ වෙන්න සුබ පැතුම් එක් කරමි.

පහතින් දැක්වෙන්නේ රවීන්ද්‍ර විමලසරි සමඟ මෙම තරගාවලියට අයිසීසී ය විසින් නිර්දේශ කර තිබෙන තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ නාම ලේඛණයය.

තරග තීරකවරුන්:
ඩීන් කොස්කර්, රිචී රිචඩ්සන්, ඩේවිඩ් ගිල්බට්, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෲ පයික්‍රොෆ්ට්, ජවගල් ශ්‍රීනාත්

විනිසුරුවන්:
රෝලන්ඩ් බ්ලැක්, ක්‍රිස් බ්‍රවුන්, රිචඩ් ඉලිංවර්ත්, කුමාර් ධර්මසේන, ජයරාමන් මදනගෝපාල්, රිච්ඩ් කේට්ල්බර්ග්, වේන් නයිට්ස්, ක්‍රිස් ග්‍රැෆිනි, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, ඩොනෝවන් කෝක්, නිටින් මෙනන්, අෂාන් රාසා, සැම් නොගාජ්ස්කි, කේඑන් පද්මනභාන්, අලවුදින් සොහෙල්කර් රයිෆල්, ලැන්ග්ටන් රුසෙරෙ, සර්ෆදුල්ලාහ් ඉබ්නෙ සෂීඩ්, ඇලේක්ස් වර්ෆ්, රවීන්ද්‍ර විම්ලසිර සහ අසීෆ් යකූබ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...