ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය මගින් ආකාර තුනක වැඩපිළිවෙලක් යෝජනා කර ඇති බවත් රටේ සංවර්ධනය ඇති කිරීම සඳහා යෝජනා කර ඇති මෙම වැඩපිළිවෙළ තුළින් රට සංවර්ධනය කිරීමට නම් සියලු දෙනාම රට ගැන සිතා කටයුතු කළ යුතු බවත් එම සංගමයේ සභාපති සම්මානිත මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ ප්‍රකාශ කළහ.

මැතිවරණයකදී බෙදී වෙන් වී සිටියත් රටේ අභිවෘද්ධිය ගැන හිතනවා නම් රට ගැන සිතා රට සංවර්ධනය කිරීමට සියලු දෙනා ඒකරාශී විය යුතු බවයි උන්වහන්සේ පැවසුවේ.

වත්මන් ආණ්ඩුව ඉතා සාධනීය ආකාරයෙන් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් තිබෙන පසුබිමක අවශ්‍ය වන්නේ එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙහිදී ජනතා ආකල්පවල වෙනසක් ඇති කිරීම අවශ්‍ය වන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බුද්ධි ගලනය නතර කිරීමට, ශ්‍රී ලංකාව පහසුවෙන් ජීවත්වීමටට හැකි රටක් ලෙස පරිවර්තනය විය යුතු අතර සංවර්ධිත රටවල්වල මෙන් අවශ්‍යතා පහසුවෙන් පූර්ණය කර ගැනීමට හැකියාව තිබිය යුතු බවයි උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ.

ඒ අනුව රටේ සංවර්ධනය අදාළ යෝජනා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හෙට (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරවලදී කෘෂිකාර්මික සහ කාර්මික අංශ වලින් රටේ සංවර්ධනයට අදාළ යෝජනා ඉදිරිපත් කළ අතර මෙවර සේවා අංශයේ පරිවර්තනය සඳහා අවශ්‍ය කරන යෝජනා ඉදිරිපත් කරන බව සම්මානිත මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ සඳහන් කළහ.

හෙට ඇරඹෙන මෙම සම්මන්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ආර්ථික විද්‍යාඥයින් විශාල පිරිසක් සහභාගී වනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...