කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW :

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වන දා දක්වා කල් තබන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළ සඳහන් වේ.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත්, එහෙත් විනිසුරු බුද්ධික සී රාගල මහතා ප්‍රකාශ කළේ අදාල නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...