කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඇයව අද (06) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී ඇයව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් අයථා ලෙස උපයන ලද රුපියල් ලක්ෂ 300ක මුදලක් විශුද්ධීකරණය කිරීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව චමිත්‍රී රඹුක්වැල්ලව අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...