ජනපති සමග සාකච්ඡාව ජවිපෙ වර්ජනය කරයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගි නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. අදාල සාකච්ඡාව සඳහා සහභාගි වන බව ජවිපෙ නායකයන් මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් ඊයේ සවස ඔවුන් තීරණය කර තිබෙන්නේ සාකච්ඡාව සඳහා සහභාගි නොවීමටයි.

කෙසේ නමුත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත බාරදීමට ජවිපෙ සැළසුම් කර තිබෙනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම ජවිපෙ සමග පැවැත්වෙන සාකච්ඡාව අවසන් වනතෙක් ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපතිවරයා ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබුණේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...