බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

Date:

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙකි.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නඩුව විභාග වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...