රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW :
මේ වනවිට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අපේක්‍ෂා කරන සැදැහැවතුන්ට අද රාත්‍රී 10 ට පෙර පෝලිම්වලට එක්වන්නැයි කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් කරයි.
එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කරන බවද, අද (10) දවසේ රජයේ පවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ පවෘත්ති සාකච්ජාවේදී කැබිනට් ප්‍රකාශක විසින් මාධ්‍ය දැනුවත් කර සිටියේය. .
මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සදහා සැදැහැවතුන්ට අවස්ථාව සලසා තිබුණේ පසුගිය 5 වනදා සිටයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙහිදී සැදැහැවතුන්ගේ වන්දනාමානය සදහා ප්‍රදර්ශණය කර තිබේ.
මෙම ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති වුවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා විය.




