ධනුෂ්ක – කුසල් – දික්වැල්ල තුන්කට්ටුවගේ තරග තහනම ඉවත් කරයි

විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත තරග තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ එම තරග තහනම ඉවත් කර තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන තිදෙනාට යළිත් ජාතික සංචිතයේ දොරගුළු විවෘත වනු ඇත.

ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගිවීමට ඔවුන් තිදෙනාට අවස්ථාව හිමිවන බවයි. එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ජනවාරි 14 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින තරගාවලිය සඳහා සහභාගිවීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවන බවයි ලේකම්වරයා පවසන්නේ.

පසුගිය ජුනි මාසයේදී ක්‍රියාත්මක වූ එංගලන්ත තරග සංචාරය අතරතුර ජෛව සංචාරක බුබුලෙන් මිදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල විය. එම චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේදී වැරදිකරුවන් වූ ඔවුන් තිදෙනාට තරග තහනමක් හා දඩ මුදලක්ද පැනවිණි.

මේ වනවිට අදාල දඩ මුදලද ගෙවා අවසන් කර ඇති බවයි මොහාන් ද සිල්වා මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...