පාන් කියාගන්නත් බැරිවෙන ලකුණු : ඉදිරියේදී පාන් හිඟයක් අනිවාර්යයයි – බේකරි හිමියන් අනතුරු හඟවයි

Date:

රටේ පවතින ඩොලර් හිඟය අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදී පිටි සමාගම් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒගොල්ලො කියන්නෙ අපට ඕනෙ තරම් පිටි දෙන්න පුළුවන්, ප්‍රශ්නෙ තියෙන්නෙ ඩොලර්වල, ඒගොල්ලොන්ට අවශ්‍ය ඩොලර්වලින් 10% යිලු ලැබෙන්නෙ. ඉතින් මොකද කරන්නෙ කියලා ඒ මිනිස්සු අහනවා. පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්වයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කියන්න කණගාටුයි රුපියල් 5000 ට වඩා අඩුවෙන් තිබිච්ච පිටි මිටියක් ඊයෙ වෙනකොට 7500 ට මිල ගිහිල්ලා තියෙනවා”

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බවයි වෙළඳසැල් හිමියන් සහ ආපනශාලා හිමියන් ද පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...