ජොනීට, නාමල්ට, මහින්දානන්දට, රත්තරංට ඇමතිකම් දෙන්න – පොහොට්ටුව යළිත් ඉල්ලයි !

Date:

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු අමාත්‍යවරුන් පිරිසකට නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සර්ව පාක්ෂික පාලනයේ නව කැබිනට් මණ්ඩලය ලබන සතියේදී පත්කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා පොහොට්ටුවෙන් මෙම නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත යවා ඇති බව සඳහන්. ඉහත නම්වලට අමතරව පවිත්‍රා වන්නිආරච්චි, එස්. බී. දිසානායක සහ එස්. එම්. චන්ද්‍රසේන යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් ද මෙම ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා විය.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා මීට කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ අතර සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ කිසිසේත්ම මෙම යෝජනාවට එකඟ නොවන ලෙසයි. විශේෂයෙන්ම ජොන්ස්ටන්, නාමල්, මහින්දානන්ද සහ රෝහිත යන අයට නැවතත් කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම යනු නැවතත් අරගලයක් ආරම්භ වීමට තුඩු දියහැකි සිද්ධියක් වනු ඇති බවටයි ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ.

එසේම මේ අයට නැවතත් අමාත්‍ය ධුර ලබාදුනහොත් දැනට සර්ව පාක්ෂික පාලනයේ අමාත්‍ය ධුර භාරගැනීමට එකඟ වී සිටින විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසක් ද අමාත්‍ය ධුර භාරගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...