ගෑස් හිඟය, හාල් හිඟය ජනතාවටත් පුරුදුයි. ඒවා සුළු ප්‍රශ්න – හිටපු කථානායක රන්වල

ගෑස් බෙදාහැරීමේ දෛනික ක්‍රියාවලිය තුළ සුළු සුළු ප්‍රශ්න ඇතිවීම ස්වභාවික බවත් එවන් ප්‍රශ්නයක් හෝ තිබුණේ නම් මේ වනවිට එය ද විසඳා ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කථානායක අශෝක රන්වල මහතා පවසයි.

“අඛණ්ඩව සහ අවිච්ඡින්නව ගෑස් ගෙන්වන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තුළ යම්කිසි විදියකට පොඩි බෙදාහැරීමේ පමාවක් සිද්ධ වෙන්න පුළුවන්, ඒ වෙලාවට හිඟ වෙන්න පුළුවන්. ඒ වගේම හාල් බෙදාහැරීමේ පමාවක් වෙන්න පුළුවන්, හාල් හිඟ වෙන්න පුළුවන්. ඒවා මේ රටේ ජනතාවටත් පුරුදු දෛනික ක්‍රියාවලියක්. හැබැයි මෙවැනි සුළු ප්‍රශ්නයක් අරගෙන අද රටපුරා ලොකූ මතයක් හදන්න පුළුවන් ගෑස් නෑ, ගෑස් නෑ කියලා. අපි විශ්වාස කරනවා එහෙම හිඟයක් තිබුණා නම් ඒකත් තව දින කිහිපයක් යනකොට යථා තත්වයට පත්වෙලා යනවායි කියලා. අපිත් ගෑස් පාවිච්චි කරන මිනිස්සු. ඉතින් අපිත් ගෑස් හොයාගන්නවා. ඒ සම්බන්ධව අඩුවක් තිබුණා, දැන් වෙනකොට ඒක යථා තත්වයට පත්වෙලා තියෙනවා”

අශෝක රන්වල මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...