තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

0
3

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2026 පෙබරවාරි 22 දින පෙරවරු 08.30 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන්, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

🌀විශේෂයෙන්ම කඳු ආශ්‍රිතව එම ප්‍රදේශ වල ජීවත් වෙන ජනතාව, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඒවට අනුගතවන්න.

🌀නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් එම ස්ථාන වලින් ඉවත් වෙන්න.

🌀ඔබගේ ජීවිත වල සුරක්ෂිතතාවය වෙනුවෙන්, අවට වටපිටාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින්න.

🌀හදිසි අවස්ථාවකදී වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්න.

☎️ හදිසි ඇමතුම්:

117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

මූලාශ්‍රය: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – ශ්‍රී ලංකාව