සටහන – රුවන් නෙළුගොල්ල
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල් ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවති රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවධානමත් මතුව ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවති රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් මෙන්ම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවද ඒ සම්බන්ධව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු අනතුරු හැඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.





