Home පුවත් ක්‍රී​ඩා සභාපති බිරිඳගේ තනතුරත් සසල කරන පුහුණුකාර සැමියාගේ අතවර චෝදනා

සභාපති බිරිඳගේ තනතුරත් සසල කරන පුහුණුකාර සැමියාගේ අතවර චෝදනා

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 23, කොළඹ LNW:

ඉතාලියේ සහ රෝමයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ක්‍රියාකරන ප්‍රභාත් එක්නැලිගොඩ නම් ශ්‍රී ලංකේය සම්භවයක් ඇති 57 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව ලිංගික අතවර නඩුවක් වීවෘත කළ බව වාර්තා වෙනවා.මෙම චෝදනාව නිසා ඔහුගේ සහකාරිය වන ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ සභාපතිණිය වන මාරියා ලොරේනා හස් පාස්ගේ තනතුරටද යම් බලපෑමක් වීමට ඉඩ තිබෙනවා.


මන්ද ලිංගික අතවරය ගැන ක්‍රීඩිකාවක් විසින් එල්ල කරන ලද චෝදනාවත් සමඟ තවත් එවැනි සිඳුවීම් වාර්තා වන අතර බාලවයස්කරුවන් ඇතුළු අනෙකුත් කණ්ඩායමේ සාමාජිකාවන්ට ද මේ ආකාරයේ මේ ආකාරයේ සැළකුම් ලැබුණ බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.
මෙහිදී මෙවැනි සිඳුවිම් සඳහා ඔහු ඉදිරිපත් වන්නේ ක්‍රීඩාව තුළ බලවත් පුදගලයෙකු වීම කියන කාරණය වගේම ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීම සඳහා සමහරුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වීම පිටුපස ඒ බලවත්වීම මාරියා ලොරේනා හස් පාස්ගේ සම්බන්ධයද ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් ඇයගේ තනතුරටද යම් විරෝධයක් එල්ලවීමේ අවදානමක් පවතිනවා.


මේ වන විට අදාළ ක්‍රීඩිකාවට විසින් වාර්තා කර ඇති අතවර සිඳුවීම සම්බන්ධයෙන් ඉතාලි ජාතික ඔලිම්පික් කමිටුව (CONI) විසින් නඩු පැවරීම සඳහා මැදිහත්වීම තුළ පෙන්නුමු කරන්නේ ඉතාලියේ පවතින ක්‍රීඩාවන් බොහෝමයක් මේ සිඳුවීමට එරෙහිවීමට ඇති සූදානමයි.
ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩාව ලෝක අවධානයට ලක් කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදි ඉතාලි කණ්ඩායම මතු අනාගත බලාපොරොත්තු සපිරි කණ්ඩායමක් බවට හඳුනාගත හැකි දස්කම් පෙන් වූ අතර,ශ්‍රී ලාංකිකයෙකු වන ක්‍රිශාන් කළුගමගේ ගේ පන්දු යැවීමද බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.එවැනි තත්ත්වයක ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාව මත පතිත වන කීර්තියේ රේඛාවන් අපිරිසිදු කරමින් ප්‍රභාත් එක්නැලිගොඩගේ සිඳුවීම නඩා වැටීම අවාසනාවන්ත සිඳුවීමකි.


මේ ඡායාරූපයේ සිටින්නේ ඉතාලි ක්‍රිකට් සභාපතිනිය සහ ප්‍රභාත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් වන ඇන්ඩි රයිට් (වමේ) සහ සෑම් විලියම්ස් (දකුණේ) ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවකුයි.