කෘෂිකර්ම ඇමති කොතරම් පාරම්බෑවද නිසි ලෙස ගොවියන්ට පොහොර ලැබී නැති අතර මේ වන විට ජනතාවට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ජාතික සත්වයා වෙනස් කිරීම වැනි කාර්යයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
ඒ, අද (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ජාතික සත්වයා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් දැන් වඩාත් ගැලපෙන්නේ කපුටා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ඒ අනුව ප්‍රථමයෙන් ආණ්ඩුව ප්‍රමුඛතා හඳුනාගත යුතු වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.
ASK