රට බංකොලොත් වෙලාවේ අගමැති ගෙනා අරුම පුදුම කැබිනට් පත්‍රිකාව සජිත් හෙළිකරයි (VIDEO)

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ව නම්වා ගැනීමට විවිධ වාසි සහ සහන ලබා දුන් බවත් ඒවා දූෂණ සහ අක්‍රමිකතා ලෙස හැදින්විය හැකි බවත් එම සහන ස්වරූපයෙන් වන අක්‍රමිකතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ රට ආර්ථික, සමාජීය හා දේශපාලන ව්‍යසනයකට ලක්ව ඇති මොහොතක වත්මන් අගමැතිවරයා විසින් අරුම පුදුම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ දී මන්ත්‍රීවරුන්ට ලබා දුන් පහසුකම් ප්‍රමාණයක් තවදුරටත් ඉදිරි මාස කිහිපයක් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති පත් කිරීම සඳහා බාධාවකින් තොරව මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට පහසුකම් දුන් බවත් එම පහසුකම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවසර දෙන බව ද එහි සඳහන් වේ. මෙහිදී මන්ත්‍රීවරුන් 5 දෙනකු වෙනුවෙන් තෙල් පහසුකම්, රියදුරු පහසුකම්, ප්‍රවාහන පහසුකම් පවා ලබා දී තිබේ.

රටේ ළමා හා කාන්තා මන්ද පෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ට පෝෂණ සලාකය ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව මෙවැනි දේශපාලන ගේම් ගසන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ජාතික මහජන සභාවේ කාන්තා සංවිධාන ක්‍රියාකාරීන්ගේ හමුවට එක්වෙමිනි.

රට ගොඩ නගනවා යනුවෙන් සිදු කරන ව්‍යාජ වැඩවලට තමන් සහාය නොදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුව විසින් මන්ත්‍රී වෙන්දේසියක් ද සිදු කරන බවත් එවැනි දේ අවශ්ය නොවන බවත් මේ දේශපාලන සූදුවට තමන් සුදානම් නොමැති බවත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...