ගෝඨාභයට ඕන වෙලාවක එන්න පුලුවන්, අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ – අලි සබ්‍රි

Date:

එල්ල වූ මහජන විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නැවත පැමිණීම පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසන්නේ. CNN පුවත් සේවය වෙත ඔහු මේ පිළිබඳව පවසා තිබෙනවා.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ඕනෑම වේලාවක යළිත් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවයි. ඊට අදාලව රජයට නිළ වශයෙන් සිදුකළ යුතු කිසිවක් නොමැති බවත් ඔහුගේ නැවත පැමිණීම සාමාන්‍ය තත්වයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...