හොඳටම අමාරුයි, ශ්‍රීලංකන්-ටෙලිකොම්-ඛනිජ තෙල් පෞද්ගලීකරණය කරන්න වෙනවා – ජනාධිපති

Date:

රටේ ආර්ථිකය යළිත් ශක්තිමත් කිරීමට නම් රාජ්‍ය ආදායම ඉහළ දැමිය යුතු බවත්, බදු ආදායම සැළකිය යුතු මට්ටමකින් ඉහළ දැමීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ජනතාව දැඩිලෙස පීඩා විඳිමින් සිටි බවත්, රාජපක්ෂ පාලනය අවසන්වීමෙන් පසුව තමාට අවස්ථාව ලබාදීමට ජනතාව කැමැත්ත පළකළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා තෝරා ගැනීම ව්‍යවස්ථානුකූලව හා පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව සිදු වූ බවද ඔහු ඉකොනොමිස්ට් සඟරාව සමග පවසා තිබේ.

රට අර්බුදයෙන් ගොඩ ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා උත්සාහ දරන්නේ එනිසා බවයි. සර්ව පාක්ෂික රජයක් සම්බන්ධයෙන් විවිධ පක්ෂවලට සහ කණ්ඩායම්වලට විවිධ අදහස් තිබෙන බවත්, කෙසේ නමුත් සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගන්නා බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ඉකොනොමිස්ට් සඟරාව සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ටෙලිකොම් ආයතනය වැනි ආයතන පෞද්ගලීකරණය කළයුතු බවයි. මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවට කරන්නේ කුමක්ද යන්න බරපතල ගැටලුවක් බවත් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...