නිශ්මං රණසිංහ ,මාර්තු 07 කොළඹ LNW:
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගය හෙටයි.ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගය ලකුණුවලින් පිරුණු ලකුණු 250 ට වැඩි ලකුණු ප්‍රමාණයක් වුව අභියෝගයට ලක් විය හැකි ක්‍රීඩාවක් බවට විස්සයි විස්ස ආකෘතිය පත්ව ඇති බව තහවුරු වූ තරගයක් වුණා.පිතිකරුවන්ට සුදුසු තණතීරු මෙන්ම හතරේ සීමාවන් කෙටි දුරක් වීම වැනි ප්‍රායෝගික තත්ත්වයන් ද මේ තරගයේ අවසාන ප්‍රතිපලය ලෙස ලකුණු 499 ක් කණ්ඩායම් දෙක ලබා ගැනීම වැනි කරුණු දෙස ලංකාවේ බොහෝ දෙනෙක් ක්‍රිකට් හී චමත්කාරය වෙනුවට සැකය පදනම් කගෙන විඳවන අයුරු දැක ගන්නට ලැබුණා.
මේ තත්ත්වය ලංකාවේ ක්‍රිකට් හී බල අර්බූදයට අදාළ කාරණයක් ලෙස මතුවෙමින් තිබෙන්නේ කාලයක සිටයි.බලය ලබා ගැනීම වෙනුවෙන් පරිපාලනය සහ ක්‍රීකට් ක්‍රීඩකයන් අතර ඇති බැදීම්වල ස්වභාවය හරි හැටි නිර්වචනය කර ගැනීම වෙනුවට සියළු දෝෂ පරිපාලනයට ගැට ගැසීම නිසා ඇති වී තිබෙන තත්ත්වය භයානකය.මෙය ලාංකේය ක්‍රිකට් පමණක් නොව සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම ඊට නියමිත ආනන්දයෙන්,අනපේක්ෂිත වෙනස්වීම්වලින් වින්දනය කරන්නට තිබුණු ලාංකේය ප්‍රේක්ෂකයාගේ හැකියාව විනාශ කිරීමක් දක්වා වර්ධනය විය හැකිය.
නොසිතු දේ වීමම ක්‍රිකට්වල අපූර්වත්වය වන බැවින් ආනන්දනීය ප්‍රේක්ෂක අත්දැකීම්වලින් යුත් ක්‍රිකට් දැන් අනපේක්ෂිත වන්නේ ඒ ස්වභාවය අනුව නොව වෙනත් පරිපාලන බලපෑමක සුවභාවයෙන් බව සිතන්නට වී ඇති හුරුව කෙතරම් ද යන්න තේරුම් ගැනීමට,එංගලන්ත – ඉන්දීය අවසාන පූර්ව තරගය ගැන ලාංකේය ක්‍රිකට් ගැන ලියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් දක්වන අදහස් විමසා බැලීම වටින්නේය.ක්‍රීඩාව එහි ස්වභාවය අනුව රස විඳිය හැකි අනන්‍යතාවය පවා ලාංකේය ප්‍රේක්ෂකයා අහිමි කර ගෙන අමුත් පීඩාවක් සහ සැකයක් සමඟ තරග දෙස බැලීමට හුරු වී ඇත.
තරගයට පෙර පූර්ව නිගමනයකදී ඔවුන් ශ්‍රී ලංකාව පරාජයවන බව ඇදහීම කරගෙන සිටින බවක් පෙනෙන්නට ඇත.එහිදී ඔවුන්ගේ නිගමනවලට අදාළ වන අසාර්ථක වන ක්‍රීඩකයින් ද ඇත.ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරිම සහ ඔවුන් නිගමනය කරගෙන සිටින ක්‍රීඩකයින් සාර්ථක වීම ඒ පිරිසට දිරවන්නේ නැත.ජයග්‍රහණ කිහිපයකින් පසු එක් පරාජයක් ලද විගස ඔවුන් ඒ නිසා ඔවුන්ගේ නිගමනයන් ජය ගැනිම ගැන උදම් අනයි.ක්‍රීඩකයින් අසාර්ථකවීම ගැන පතුරු ගසන විවේචන ඉදිරිපත් කරයි.සමහර අය මේ කාරණයට සම්බන්ධ වන්නේ යම් ආකාරයක ලාභදායි කටයුත්තක් හැටියටය.එහෙත් ක්‍රිකට්මය නොවුණු එම උවමනාවේ ගොදුරු වන අය සැබවීන්ම ක්‍රිකට් කෙරෙහි ආදරයක් ඇති අධි සංවේදිකම ගොඳුරු වන්නට අත්හළ ක්‍රිකට් ප්රේමීන්ය.
ඔවුන්ගේ ඔළු ඇතුළේ හදන පිංතූර සමඟ බිඳ වැටෙන්නේ ප්‍රේමයය.මතුවන්නේ වෛරයය.දැන් ප්‍රේමය,අවිනිශ්චිතභාවයේ ආනන්දය සමඟ ජය පරාජය වෙනුවට ක්‍රිකට්වල තිබෙන අපූර්ව ස්වභාවය ගැන බැදුණු ක්‍රිකට් ලෝලියා තමන්ගේ ප්‍රේමය පරාජය කරන්නේ ක්‍රිකට් නොව පුද්ගල කණ්ඩායමක් බවට විශ්වාස කරන තැනට පැමිණ ඇත.ප්‍රේමය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් කියන කතාවට අනුව මේ වන විට කටයුතු සිඳුවෙමින් ඇත්තේ සම්පූර්ණයෙන්ම මේ මොහොතට පමණක් අදාළ නොවන ආකාරයටය.ඒ නිසා මේ නින්දා සහගත විවේචන සහ ප්‍රසිද්ධ ගැරහීම් දිනෙක තමන්වද සොයා එන බව බලය වෙනුවෙන් මෙවැනි ඔළු සේදීමකට ලාංකේය ප්‍රේක්ෂකයා පත් කළ සියල්ල තේරුම් ගත යුතුව ඇත.
මේ ව්‍යවසනයේ තරම ඔළුව තුළ අදින පිංතූර මත දක්වන අදහස් ඉදිරිපත් කිරිම් බවට උදාහරණ කිහිපයක් ක්‍රිකට් වෙනස් කරන්නට වැඩම කළ රාජාංගනේ හාමුදුරුවන්ගෙන් ගත හැකියි.සිවුරෙන් ද නෙරපිය යුතුය යන තීරණය ගෙන ඇති උන් වහන්සේගේ අශ්ලීල භාෂා ශෛල්‍යය තමන්ගේ අරමුණු වෙනුවෙන් මරු ය කියා සිතන පිරිස් රා පොවා එවන නාලාගිරි වේශයෙන් රාජාංගනේ හිමියන්ව ක්‍රිකට් ආයතනය ළඟට වැඩම කරවූහ.උන් වහන්සේ ගම්වලින් මිනිස්සු කිහිප දෙනෙක්ද ඊට එකතු කර ගන්නට සමත් වී තිබිණ.
පාසල් කිහිපයක උන් ගහන ක්‍රිකට් උන් වහන්සේ ගෙනෙන ලද තර්කයකි.
දසුන් ශානක සහ දුශ්මන්ත චමීර මීගමුව මාරිස්ටෙලාවෙනි.චරිත් අසලංක සහ කමිඳු මෙණ්ඩිස් මෙන්ම අතර මැද ආබාධයට ලක් වී ඉවත් කළ වනිඳු හසරංග ද රිච්මන්ඩ් විද්‍යාලයෙනි.පැතුම් නිශ්ශංක කළුතර විද්‍යාලයෙන් ඉසිපතනයට පැමිණි අයෙකි.කුසල් මෙණ්ඩිස් වේල්ස් කුමාර විද්‍යාලයෙනි.කමිල් මිෂාර රාජකීය විද්‍යාලයෙනි.කුසල් ජනිත් වැටෙන්නෙත් ඒ ගොඬටය.පවන් රත්නායක මහානාමයෙනි.මහේෂි තීක්ෂණ සේදවත්ත හරහා සුසමයවර්ධණය පසු කරමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පැමිණි අයෙකි.දුනිත් වෙල්ලාලගේ ශාන්ත ජෝෂප් වන අතර දුශාන් හේමන්ත සහ ජනිත් ලියනගේ ශාන්ත පීතරයෙන්ය.ඩිල්ෂාන් මධුශංක හුංගම විජයබාවෙන්ය.ප්‍රමෝද් මධුශාන් හම්බන්තොට තේරපුත්තයෙන්ය.මුලින්ම ආබාධයකට ලක් ව ඉවත් වූ ඒෂාන් මාලිංග රත්නපුර සීවලි මැඳි විදුහලෙන්ය.
මෙහි අවසනට නම් ඇති තිදෙනාම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැති පාසල්වලින් රටට හඳුනාගත හැකි ක්‍රම තිබුණ නිසා පෙරට පැමිණ පළමු පෙළ කණ්ඩායමවලට ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වී ඇති බව අමතක කළ නොහැකි අය ය.එසේම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගත් විට කොළඹ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී හැරුණු විට අනිත් සියල්ලම එන්නේ පිට පළාත් හරහා ය.නාගරික පාසල්වලින් කණ්ඩායම පැමිණි තිබෙන ක්‍රීඩකයන්ගේ ද පවුල් පසුබිම්වල මුල පොහොසත් නැත.වැදගත් නැත.දැන් ගත් විට පොහොසත් වුව ද,ඔවුන් මුල් කාලයේ තිබුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවුල් පස්බිම් කතාවලට වඩා බොහෝ වෙනස් අයය.මේ වෙනස්කම් ක්‍රිකට්වලට බලපාන බවත්,ඔවුන්ගේ අරමුණු සහ ඉලක්ක ක්‍රිකට් මත රඳවා ඔවුන් ජීවත් වූ පරිසර මත සිටුවා තැබීම වළක්වා ඇති කළමණාකරුවන්ගේ භූමිකාව ගැන කතා කරනවානම් වැදගත් වුව රාජාංගණේ හාමුදුවො පවසන්නේම දැනට පවතින ක්‍රිකට්වල හැඩයය.උන වහන්සේ ඉල්ලා සිටින්නේ දැන් තියෙන දේ නොදැන තියෙන දේ මය.
ඒ මෙහෙයවීම් සහ මඟ පෙන්වීම්වල අවුලක් නිසා විරෝධයට හාමුදුරුවන් විසින් එකතු කරන්නේ උන් වහන්සේට දැනෙන රටේ ක්‍රිකට් රටේම පැතිර නැති ඉතා කෙටී සිමාවකට යටත් වූ බවක්ය.එහෙත් උන් වහන්සේට ක්‍රිකට් අසාධාරණ බවට ලැබෙන අදහස සමඟ තමන් කතා කරන ප්‍රතිවාදියාට කරන සහ කර ඇති වැඩ ගැන අවබෝධයක් ලැබී නැත.
රටපුරා ක්‍රිකට් භාණ්ඩ පාසල්වලට බෙදා දෙයි.ක්‍රීඩා සමාජවලට දිස්ත්‍රික් සංගම් හරහා ලබා දෙන ක්‍රමයක් ද ඇත.රට පුරා ක්‍රිකට් ආයතනය හරහා ඒ එ් ප්රදේශළුල ක්‍රිකට් සංවර්ධණය සඳහා පත් කර තිබෙන නිලධාරීන් ප්‍රමාණයක් ඇත.වැටුප් ගෙවමින් ප්‍රාදේශිය වශයෙන් ක්‍රිකට් සංවර්ධණයට ඒ අය යොදවමින් සහ අධීක්ෂණය කරමින් කරන වැඩ සටහන් මාලාවක් ක්‍රිකට් වෙත ඇත.පාසල් මට්ටමේ ක්‍රීඩකයින් වෙනුවෙන් ඔවුන් හඳුනා ගැනිම වෙනුවෙන් අවුරුදු 15 න් පහළ සිට පැවත්වෙන ජාතික මට්ටමේ තරගාවලිය.ජාත්‍යන්තර අත්දැකීම් සඳහා වයස් කාණ්ඩ බාලක සහ බාලිකා කණ්ඩායම මෙන්ම නැඟීඑන කණ්ඩායම,ඒ කණ්ඩායම් ද යොමු කරමින් ඇත.කාන්තා සහ පිරිමි කණ්ඩායම් අතර නිතර ජාත්‍යන්තර තරග පැවත්වෙන්නේය.
රාජාංගනේ හාමුදුරුවන් ඉකුත් සති අන්තයේ ආනන්ද නාලන්ද මහා තරගයේ ශථකලාභින් තිදෙනාටම වඩා සමාජය අවධානය යොමු කළ දමිඳු සෙල්ලපෙරුම ද අනුරාධපුරෙන් පැමිණි ක්‍රීඩකයෙක්ය.උන් වහන්සේ නිකමට සල්ගාදු පිටිය අසල ක්‍රිකට් ක්‍රීඩා කරන අවට කැරකී බැලුවානම් මීට පෙර තත්ත්වයට වඩා වර්ථමානයේ අනුරාධපුරය ක්‍රිකට් දියුණු කිරීමට ලැබෙන පහසුකම්වල තත්ත්වය ගැන අදහසක් ගන්නට ලැබෙනු ඇත.
මේ සියල්ල හෙට විස්සයි විස් අවසාන තරගයට පෙර ලියා තැබුවේ එහිදී සන්ජු සැම්සන් හෝ අභිශේක් ෂර්මා හෝ නැතිනම් වෙනත් ක්‍රීඩකයෙකු කරන ආශ්චර්යමත් ක්‍රියාවන් වංචාවන් ලෙස සැක නොසිතා ක්‍රිකට් හී ඇත්ත ස්වභාවයම අනපේක්ෂිත සහ අවිනිශ්චිත දේ හැටියට ගනිමින් ක්‍රිකට් හි ආනන්දය ඇත්තටම විඳගන්නට උත්සාහ කළ යුතුය කියන්නට.එසේම ෆින් ඇලන් හෝ රචින් රවීන්ද්‍ර හෝ කරන අපූරු තරග රටාවක් ගැන සකයෙන් නොබලා එය වින්දනය කරන්නට අවශ්‍යය නිදහස ඇති කර ගත යුතුය.
අපි ක්‍රිකට් වින්දනයෙන් දුර්වල ජාතියක් වි ඇත.ක්‍රිකට් හී ආශ්චර්යය විඳ ගැනීමට තරම් අපොහොසත් මට්ටමකට අපේ වින්දන අවකාශය අවුල් කර ඇත.
සිඳුවන සියල්ල සියයට සියයක් නිවැරදිම දේ විය නොහැකි වන්නට ඉඩ ඇත.මේ මොහොතේ පවතින ක්‍රීඩාව විවිධ සැඩ සුළං මඟින් හොඳම හොඳ දේ ගසාගෙන ගොස් ඉතුරු වූ දේවලිවලින් දේහය සැකසි ඒවාය.එහෙත් අපට මූලික වශයෙන් ක්‍රිකට් හරි අපූරු ක්රිීඩාවක් විදිහට වැළඳ ගන්නට හැකි වී තිබෙන අනපේක්ෂිත සහ අවිනිශ්චිත තත්ත්වයන් වටහාගෙන එහි අපූර්වත්වය විඳින්නට උත්සාහ කළ යුතුය.සාදයකට ගොස් මල ගෙදරකට ගොස් සිටින අයුරෙන් සිටිය යුතු නැත.වරදක් වී ඇත්නම් ඒවා පරික්ෂා කරන්නට පිරිස් සහ ක්‍රමවේද ඇත.ඒ නිසාම නිතර එවැනි ක්‍රිඩකයන්ට දඩුවම් විඳින්නට සිඳුවන අයුරුද අප දැක ඇත.ඒ සුළු පිරිස සමස්තය ලෙස උප කල්පනය කරමින් ක්‍රිකට් හී අපූර්වත්වය විඳන්නට බාධා ඇති කර නොගෙන විස්සයි විස්ස අවසාන තරගයේදීවත් ක්‍රීකට් හී ස්වභාවය විඳිය හැකිනම් රය වැදගත් වනු ඇත.
අවසාන පූර්ව තරග දෙක තුළින් අවසාන හතර සඳහා කණ්ඩායම් තේරි ඇත්තේ කෙසේදැයි ගැන සැක හැර දැන ගන්නට ලැබී ඇත.ඒ නිසා අවසාන කණ්ඩායම් දෙක ද එකිනෙකට නොදෙවැනි සටනක් දෙනු ඇත.ඒ අපූර්වත්වය විඳින්නට,අපට ක්‍රිකට් දෙස බලන්නට මෑතක සිට හුරු කර තිබෙන සැකය වෙනුවට ක්‍රිකට් හි ආනන්දජනක අවින්ශ්චිත ස්වභාවය ක්‍රිකට් බව අවබෝධ කර ගත යුතුය.එහි හැදුණුම්පත ඔබට අවශ්‍යය විදිහට සංශෝධනය කර ගන්න නොයා ක්‍රිකට් හී ස්වභාවය ඊට අනුව අවබෝධ කර ගත යුතුය.එසේ නොවුණොත් එල්ල කරන හයේ පහරක් ගානේ ඔබට අනවශ්‍යය බරකින් එහි කුමන හෝ දූෂණයක් ඇද්දැයි සිතමින් වඳවෙනු ඇත.කතාවක් ඔබම නිර්මාණය කරගෙන වේදනාවට තරහට පත් වෙනු ඇත.කඩුල්ලක් දැවී ගිය ද එහි දැවුණ ස්වභාවය අනුව ප්රශ්නවල පැටලෙනවා ඇත.





