ඊශ්‍රායලය විසින් ලෙබනන් ප්‍රහාර වලට නීති විරෝධී ලෙස සුදු පොස්පරස් භාවිතා කළා: HRW චෝදනා කරයි!

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනාකීර්ණ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නීති විරෝධී ලෙස සුදු පොස්පරස් (white phosphorus) භාවිතා කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

එහිදී, මාර්තු මාසයේදී යොහ්මෝර් ගම්මානයේ සිදු වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ නිවාස සහ දේපළවලට දැඩි හානි සිදු වී ඇති බව තහවුරු කරන ලද ඡායාරූප සහ දත්ත මඟින් එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම රසායනික ද්‍රව්‍යය මඟින් දරුණු පිළිස්සුම් තුවාල සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කරන බැවින්, ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුව මෙවැනි ප්‍රහාර එල්ල කිරීම බරපතල වරදකි.

එම නිසා, ඊශ්‍රායලයට ලබා දෙන හමුදා ආධාර සහ අවි අලෙවිය වහාම නතර කරන ලෙස මෙම වාර්තාව මඟින් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලින් ඉල්ලා සිටී.

දැනට පවතින ගැටුම් හේතුවෙන් ලෙබනනයේ දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර සිවිල් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවදානමක් පවතින බවද මෙමඟින් වැඩිදුරටත් සඳහන් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත...