ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා ටමස්ථානාධිපති නාහිමියන් සමග සාකච්ජා කළේය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් ‍පෙළ විභාගවලට පෙනී සිටින දරුවෝ විශාල පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර, ජනාධිපතිතුමා ඔවුන්ගේ විභාග කටයුතුවලට ආශිර්වාද පළ කළේය.

පැමිණි සිටි ජනතාව ජනාධිපතිතුමා දැක බලා ගැනීමට සහ ජනාධිපතිතුමා සමග කතාබහ කිරීමට විශාල උනන්දුවක් දැක්වූ අතර, ජනාධිපතිතුමා ද ඔවුන් සමීපයට ගොස් තොරතුරු විමසා බැලීය.

රුවන්වැලි මහා සෑ පුදබිමට ඊයේ (07) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පල්ලේගම හේමරතන හිමියෝ උන්වහන්සේ රචිත ගීත ඇතුළත් ග්‍රන්ථයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

අනතුරුව සෑ රඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් නව වසරට සෙත් පතා පුදබිමේ සිදු කළ ආශිර්වාද පූජාවට ද එක් විය. ඊයේ දිනයේ රුවන්වැලි මහා සෑ පුදබිමට විශාල ජනතාවක් රැස්ව සිටි අතර,ජනාධිපතිවරයා ඔවුන් සමග ද කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය ඒකකය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...