*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

හොලිවුඩයේ ඔස්කාර් කිරුළ දිනූ පළමු කළුජාතික රංගධරයා යළි නොඑන්නම ගමනක – සිඩ්නි පොයිටියර්, ඔබට සුබගමන්!

සිඩ්නි පොයිටියර් නාමය කාගේත් මතකයේ රැඳෙන්නේ හොලිවුඩයේ හොඳම නලුවාට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු කළුජාතික රංගන ශිල්පියා ලෙසිනි.

ඇමරිකාවේ වර්ගවාදයේ ගිනිජාලා ඇවිලුනු යුගයක කළුජාතික අභිමානය නිර්භයව කියාපාමින් කළුජාතික සිනමා තරු පරම්පරා ගණනාවකට මඟ පෑදූ සිඩ්නි දැයෙන් සමුගෙන ඇති බවට වාර්තා වේ.

මිය යන විට ඒ මහතා 94 වෙනි වියේ පසුවිය.

සිඩ්නි ගේ මරණය ඉකුත් සිකුරාදා (07) දින ප්‍රකාශයට පත් කරන ලද්දේ බහමාස් විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රෙඩ් මිචෙල් විසිනි.

එක්සත් ජනපදයේ උපත ලබා බහාමාස් හි හැදී වැඩුනු සිඩ්නි, Lilies of the Field නම් අද්විතීය චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු කළු ජාතික රංගධරයා බවට පත්විය. ඒ 1964 වර්ෂයේදී ය.  

හොලිවුඩය තුළ කළුජාතික නියෝජනයේ පුරෝගාමියකු වූ සිඩ්නි සමානාත්මතාවය වෙනුවෙන් නිතර සටන් වැදුනු චරිතයකි.

Poitier with Glenn Ford in 1955 teen hit Blackboard Jungle. Photograph: www.ronaldgrantarchive.com

1927 වර්ෂයේදී තක්කාලි විකිණීම සඳහා මයැමි වෙත ගිය බහාමාස් ජාතික සිඩ්නි ගේ දෙමාපියන් එවකට පැවති වර්ගවාදය සමඟ සටන් කළවුන් ය. බහාමාස් එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර, වයස අවුරුදු 15 දී නැවත එක්සත් ජනපදයට පැමිණි සිඩ්නි දෙවන ලෝක සංග්‍රාමය අවධියේදී කෙටිකලක් හමුදාවේ සේවය කළේය. ඊට අමතරව අඩු වැටුප් සහිත විවිධ රැකියා වල නිරත වීමටද ඔහු කටයුතු කළේය.

තම ජීවිතයේ යායුතු මඟ පිළිබඳව අවිනිශ්චිතව සිටි සිඩ්නි පළමු වරට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ එක්සත් ජනපදයේ ඉහළ පෙළේ රඟහලක් වූ ඇමරිකානු – නීග්‍රෝ රඟහල හරහාය. එහෙත් අවස්ථා කිහිපයකදීම පූර්ව රංගන පරීක්ෂණ වලින් ඔහු අසමත් වන අතර, තම රංගන කුසලතා වැඩිදියුණු කර ගැනීමට සහ බහාමාස් උච්චාරණය නැතිකර ගැනීමට සිඩ්නි ට සිදුවිය. ඒ අනුව මෙම රඟහලේ රංගනයේ යෙදීමට සිඩ්නිට අවස්ථාව උදාවිය.

බ්‍රෝඩ්වේ රංගන අධ්‍යක්ෂකවරයකු සිඩ්නි ගේ කුසලතා දැකීමෙන් අනතුරුව, ඔහුගේ රංගන කුසලතාවය ප්‍රසිද්ධ වේදිකාවේ ඉදිරිපත් කිරීමට ඉඩප්‍රස්තාව සලසා දුන්නේය. මේ අනුව, රංගනයේ කළුජාතික නියෝජනය අතර සිඩ්නි කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

Poitier with Rod Steiger in a still from In the Heat of the Night. Photograph: Allstar/UNITED ARTISTS/Sportsphoto Ltd./Allstar

සිඩ්නි සිය පළමු කැපීපෙනෙන රංගන භූමිකාව නියෝජනය කරන්නේ 1950 වසරේ තිරගත වූ No Way Out නම් චිත්‍රපටයේ ය. එහි රෝහලක වර්ගවාදී මතදරන රොගියකුට ප්‍රතිකාර කරන කළුජාතික වෛද්‍යවරයකුගේ භූමිකාව ඔහු රඟදැක්වූයේය. ඇමරිකාවේ වාර්ගික ගැටුම් පිළිබඳ ප්‍රභල සංවාදයක් සිනමාව තුළින් ඇතිකිරීමට සිඩ්නි මෙමඟින් සමත් විය.

මෙතැන් පටන් Blackboard Jungle ආදී විවිධ ජනප්‍රිය චිත්‍රපට වල විවිධ භූමිකා රඟදක්වමින් සමානාත්මතාවයේ පණිවුඩය ලොවට කියාපෑමට සිඩ්නි කටයුතු කළේය.

සිඩ්නි දෙවරක් විවාහ වී ඇත. 1950 සහ 1965 කාලසීමාව තුළ විවාහ ගිවිස ගෙන සිටි ජුවනිතා හාර්ඩි සමඟ ඔහුට දරුවන් හතරදෙනෙකු සිටින අතර, 1976 දී විවාහ ගිවිසගත් ජොවැනා ෂිම්කුස් සමඟ තවත් දරුවන් දෙදෙනෙකු සිටී.

සිඩ්නි ගේ වියෝව හොලිවුඩය සසල කිරීමට සමත්ව ඇති අතර, වයෝලා ඩේවිස්, ඔප්රා වින්ෆ්‍රේ ඇතුළු වර්තමාන ඇමරිකාවේ කළුජාතික ප්‍රජාව නියෝජනය කරන අතිශය ජනප්‍රිය චරිත ඔහු වෙනුවෙන් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan