ඉන්ධන මිල සැරටම වැඩි වීමට හේතුව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා ඉන්ධන මිල සංශෝධනය කළ බව රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ පැවසීය.

“අපි සාමාන්‍යයෙන් මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ තියෙන තෙල් මිල ගැලපුම් කරලා. නමුත් අපි සතුව ස්ථිර වශයෙන් දින 30කට ඉන්ධන තොග තිබුණත් ලබන මාසය සඳහා එන නැව්වල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා. එතකොට අපි බලාපොරොත්තු වුණා අපි සතුව දැනට තිබෙන ඉන්ධන තොග ප්‍රවේසම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න. ඒ අනුව එකවර ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා සහ තිබෙන තොග ප්‍රවේසමෙන් මාස අතර බෙදලා පරිහරණය කිරීම සඳහා අපි මිල සාමාන්‍යකරණය කළා.” යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම්කාර තත්ත්වයන් පාලනය කිරීම, පෝලිම් නිර්මාණය නොවී ජනතාවට එකම මිලකට දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුවහොත් ඉදිරි දින කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම මෙරට ඉන්ධන මිලද අඩු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉකුත් මාර්තු පළමුවැනිදා ඉන්ධන මිල සංශෝධනය කළද , ඉන් දින 9කට පසු ඊයේ (09) රාත්‍රියේ නැවත වරක් සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...