පටවද්දී මෙච්චරයි.මුහුදෙදී වැඩිවෙච්ච කතා නැව් වලට කියන්න බැහැ – තෙල් මිලේ ඉහල යාම ගැන ඇමති වසන්තත් කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මෙරට තිබූ ඉන්ධන සංචිත තොග මේ අන විට අවසන් වී ඇති බවත්, එයට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන පිරවුම්හල් තුළින් ඉන්ධන ලබාගැනීම බවත්, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, බිත්තර වී පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (10) නිකවැරටියේදී විවෘත කළ අවස්ථාවට සහාභාගී වෙමින්.

පසුගිය දවස් 7ට පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 55,000ක් ඉන්ධන පිරවුම්හල් වලින් ලබගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“පළවෙනිදා ඉදන් ගත්තහම තෙල් ඉල්ලුම 30% කින් වැඩි වෙලා. මොකද පලවෙනිදා ඉදන් ඉරානයේ මිනිස්සු ඇවිල්ලා මෙහෙ තෙල් ගැහුවද? සමහර අය ප්‍රශ්න කරන්න බලන් ඉන්නවා මේ ගෙනත් තිබ්බ තෙල්වලත් මිල වැඩි වෙලානේ කියලා. ඔව් ගෙනත් තිබිච්ච් තෙල් කියලා කිව්වහම ඒ තෙල් දැන් ගහලා ඉවරයි. ඩීසල් විතරක්ම ගහලා තියෙනවා මෙට්‍රික් ටොන් 55,000ක් දවස් 7ට. දැන් ගෙනාපු තෙල් ඉවරයි. දැන් එන තෙල් තමයි මේ එන්නේ. එතකොට ඒ නැව් මුහුදේ තියාගෙන බාන්න කලින් අහනවා කීයද ගෙවන්නේ කියලා. එතකොට දැන් වෙළඳපොළේ වැඩිවෙච්ච ගාණ ගෙවන්න ඕනේ.අපි එයාලට කියන්න බැහැ ඕගොල්ලෝ ටැංකියේ පටවනකොට තෙල් තිබ්බ ගාණ නෙවෙයි බානකොට වෙනස් වෙලා, මුහුදෙදි ගණන් වැඩි වුනේ නෑනේ කියලා කියන්න බැහැ.” යනුවෙන් අමාත්‍යවරයා පවතින තත්ත්වය පැහැදිලි කර තිබේ.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ යේ (10) නිකවැරටියේදී බිත්තර වී පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.