රෂිකා හෙන්නායක මාර්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හි හෝටලයක සේවකයන් පිරිසකට පහරදීම සහ අශෝභන ලෙස හැසිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු වරදකරු වූ පුවතක් වාර්තා වේ.
විත්තිකාර සුකීර්තන් තංගරාසා නමැති පුද්ගලයා සිය ජංගම දුරකථනයේ දෝෂයක් හේතුවෙන් කෝපයට පත්ව හෝටල් සේවකයන් සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ.
එහිදී ඔහු සේවකයන්ට වාර්ගික අපහාස කරමින් තර්ජනය කර ඇති අතර, තම නිරුවත ප්‍රදර්ශනය කරමින් කළහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන් වේ.
ආරක්ෂක කැමරා දර්ශන සහ සාක්ෂි මත පදනම්ව බ්‍රිතාන්‍ය අධිකරණය ඔහු වැරදිකරු බවට තීරණය කර ඇත.





