IMF කණ්ඩායමක් ළඟදීම ලංකාවට..

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමක් එළඹෙන අගෝස්තු 24 – 31 යන කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පවසා සිටින්නේ, ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා දිගටම පැවැත්වීම සඳහා මෙම කණ්ඩායම කොළඹට පැමිණෙන බවයි.

එමෙන්ම ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility: EFF) යටතේ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙලක් පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රගතියක් අපේක්ෂා කිරීම ද මෙම සංචාරයේ අරමුණ බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් ද අවශ්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වයට අදාළ වෙනත් පාර්ශවකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට එම කාර්ය මණ්ඩල සාමාජිකයන් කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ.

මෙම කාර්ය මණ්ඩල කණ්ඩායම පීටර් බ්‍රියර් සහ මසහිරෝ නොසාකි යන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුක්ත ය.

සම්පූර්ණ නිවේදනය කියවන්න: https://www.imf.org/en/News/Articles/2022/08/19/pr22287-imf-staff-statement-on-sri-lanka

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...