තෙල්වලින් පොහොසත් රටක් : කොංගෝ ජනරජයේ තරුණයින් වෙනසක් බලාපොරොත්තුවෙන්

රෂිකා හෙන්නායක මාර්තු 13 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කොංගෝ ජනරජයේ පවතින දැඩි ආර්ථික අසමානතාවය සහ එහි වෙසෙන තරුණ ප්‍රජාවගේ අභියෝග විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

කොංගෝ ජනරජය අප්‍රිකාවේ ප්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදකයෙකු වුවද, ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන බව සඳහන් වේ.

දශක ගණනාවක් තිස්සේ පවතින පාලනය යටතේ උගත් තරුණයන් පවා රැකියා විරහිතව සිටින අතර, ඔවුන් පවතින දේශපාලන ක්‍රමය කෙරෙහි දැඩි කලකිරීමකට පත්ව ඇත.

තෙල් සම්පතෙන් ලැබෙන ආදායම සාමාන්‍ය ජනතාවගේ යහපතට යොමු නොවීම නිසා ඇති වී තිබෙන සමාජයීය පීඩනය සහ ඉදිරි මැතිවරණය පිළිබඳව පවතින අවිශ්වාසය ද පෙන්වා දේ.

තරුණ පරපුර සිය මව්බිම තුළ ගෞරවනීය අනාගතයක් අපේක්ෂා කළද, පවතින දූෂිත ආර්ථික ව්‍යුහය හමුවේ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටී ඇති ආකාරය මේ අනුව මැනවින් පැහැදිලි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...