වී මෙට්‍රික් ටොන් 844 ක් රජය මිලදී ගනී

Date:

යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ගොවීන්ගේ වී අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 2000 ක් වෙන්කර ඇති අතර ඉදිරියේදී තවදුරටත් මුදල් වෙන් කරන බවයි කෘෂිකර් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ.

පෞද්ගලික අංශයේ මෝල් හිමියන් රුපියල් 80 – 90 වැනි අඩු මිලකට වී අස්වනු මිලදී ගන්නා බවට ගොවීන්ගෙන් එල්ල වූ චෝදනා මත වී මිල ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගත් අතර ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 120 දක්වාත්, සම්බා වී කිලෝවක මිල රුපියල් 125 ක් දක්වාත් කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 130 දක්වාත් ඉහළ දැමිණි.

වී මිලදී ගැනීම ආරම්භ කර දින 03 ක් ගත වනවිට වී මෙට්‍රික් ටොන් 845 කට ආසන්න ප්‍රමාණයක් (කිලෝග්‍රෑම් 844,960) මිලදී ගැනීමට හැකි වූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා පවසනවා.

මේ වනවිට වී අස්වනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල වී ගබඩා 73 ක් හරහා වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරයි. අද දිනයේද එම කටයුතු අඛණ්ඩව සිදුවන බවයි සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...