අපායේ දොරටුව

Date:

ලෝකය වටකුරු හෙවත් ගෝලාකාර යයි දැනගත් දිනයේ සිට කිසියම් ස්ථානයක සිට අනෙක් පසට යන්නට හිලක් විදීම එක්තරා සිහිනයක් විය. එහෙත් එය කිසිදිනෙක සාර්ථක නොවෙනු ඇත. හේතුව වන්නේ, ලෝකය මධ්‍යය දැවැන්ත උෂ්ණත්වයකින් යුතු දියැවුණු ලෝහමය ගෝලයක් ඇති හෙයිණි. එසේ හෙයින් සිදුරක් විදගෙන යාමේදී, කෙමෙන් ඒ සිදුරේ උෂ්ණත්වය වැඩි වී, විදීමට නොහැකි තත්වයකට යයි.

මේ සෛද්ධාන්තික උපකල්පනය තරමක් හෝ යතාර්ථයට සමීප වූ ආකාරය පහත උදාහරණයේ දැක වේ.

මෙතෙක් ලෝකයේ කණින ලද ගැඹුරුම සිදුර රුසියාවේ “කෝලා අර්ධද්වීපයේ”, ‘මර්මන්ස්ක්’ අසල ඇති අතර එය ‘කෝලා ළිඳ’ ලෙස හැඳින්වේ. එය 1970 දී පර්යේෂණ අරමුණු සඳහා කැණීම් කරන ලදී. වසර පහකට පසු, කෝලා ළිඳ කිලෝමීටර 7 දක්වා ළඟා විය.

තෙල් ළිං කැණීම සඳහා භාවිතා කරන අනුක්‍රමික විදුම් යන්ත්‍රයක් වන Uralmash-4E භාවිතයෙන් 1970 මැයි 24 වන දින කැණීම ආරම්භ විය. මීටර් 7,000 ගැඹුරකට ළඟා වීමට හැකි වන පරිදි යන්ත්‍රය තරමක් වෙනස් කරන ලදී. 1974 දී, නව Uralmash-15000 විදුම් යන්ත්‍රය මගින් නව ඉලක්ක ගැඹුර මීටර් 15,000 ලෙස නියම කිරීමෙන් පසුව කැනීම ආරම්භ කරන ලදී. මෙය 1979 ජූනි 6 වන දින, එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි, “වෂිටා” ප්‍රාන්තයේ මීටර් 9,583 ගැඹුර, “බර්තා රොජර්ස් කුහරය” විසින් තබා ඇති ලෝක ගැඹුර වාර්තාව ඉන් බිඳ දමන ලදී.

1982 ඔක්තෝම්බර් මාසයේදී, පළමු සිදුර මීටර් 11,662 දක්වා ළඟා විය. දෙවන සිදුර 1983 ජනවාරි මාසයේදී පළමු කුහරයේ මීටර් 9,300 ගැඹුරකින් ආරම්භ කරන ලදී. 1983 දී, එය දෙවන සිදුරෙන් මීටර් 12,000 පසුකර ගියේය. වසරක පමණ කාලයක් කැණීම නතර කරන ලදී.

1984 සැප්තැම්බර් 27 දින, මීටර් 12,066 දක්වා විදීමෙන් පසු, විදින කූරේ අඟල් 200ක පමණ කොටසක් ඇඹරී ගොස් සිදුරේ හිරවිණි. පළමු සිදුරෙන් මීටර් 7,000 සිට 1986 සැප්තැම්බර් මාසයේදී කැණීම නැවත ආරම්භ කරන ලදී. 1990 අවසානය වන විට මීටර් 13,500 සහ 1993 වන විට මීටර් 15,000 දක්වා ළඟා වීමට හැකි වුවද එතනින් එහාට විදීම අසාර්ථක විය. මෙම ගැඹුරේ සහ ස්ථානයේ බලාපොරොත්තු වූවාට වඩා වැඩි උෂ්ණත්වයක් නිසා, අපේක්ෂිත 100 °C වෙනුවට, 180 °C නිසා ගැඹුරට කැණීම කළ නොහැකි යැයි සැලකේ.

පසේ ඝනත්වයේ අනපේක්ෂිත අඩුවීම, හිස් කුහර තිබීම, සහ අනපේක්ෂිත ලෙස ඉහළ උෂ්ණත්වයන් නිසා පාෂාණය ප්ලාස්ටික් මෙන් හැසිරීමට හේතු විය, එය කැණීම කළ නොහැකි තත්වයකි. එනම් ඉන් පෙන්වන්නේ පස කෙමෙන් ද්‍රව බවට පත්වීමේ ලකුණුයි.

නිළ වශයෙන් කණින ලද වැඩිම ගැඹුර මීටර් 12,262 ක් බව පිළිගනී. ලෝකය පැතලි යයි කියන අයට දැන් මෙහිදී තවත් දත්තයක් එකතු කර ගත හැක. එනම් පැතිලි ලෝකයේ හෙවත් රොටියක් වැනි ලෝකයේ ඝනකම මීටර් 12,262 ට වඩා වැඩි බවය.

දැන් අප සොයා බැලිය යුත්තේ කුමක් නිසා මේ සිදුර කණින ලද්දේද යන්නය.

කෙනෙක් එක්තරා අජටාකාශගාමියෙක් ගෙන් …”ඔබ හඳට ගියේ ඇයිද ? යයි ඇසීමට පිළිතුර වූයේ,…”හඳ එතන ඇති නිසාය “… යන්නය. එවිට ඒ තර්කයම භාවිතා කර මේ කැනීමට හේතුව වූයේ ද ඒ සිදුර එතන ඇති නිසා යයි කිව හැක. සමහරුන් විශ්වාස කරන්නේ නම්, ඒ සිදුර අපායේ දොරටුව කියාය.

ඔබ යූ ටියුබ් එකට ගොස් විමසන්නේ නම්, [Sound Kola Superdeep Borehole] ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් විලාප දෙනවා මෙන් ශබ්දයක් ඇසිය හැක.

ඒ අපායේ දැවෙන, බැදෙන අවාසනාවන්තයන් ගේ විලාපයද ?

සිදුර විදිණු ලැබුවේ ඒ හඬ ඇසීමට වඩා තර්කානුකූල හේතුවක් නිසා බව විද්‍යාඥයෝ කියති. එනම් ලෝක සංහතියේ පැරණිම තොරතුරු සොයා ගැනීමට ඒ පරීක්‍ෂණය ප්‍රයෝජනවත් වන්නේය යන්නයි. මේ තරම් ගැඹුරුම ස්ථානයකින් කණින ලද පාෂාණ සඳෙන් ගෙන ආ ගල් මෙන් වටින්නේය යන්න ඔවුන් විශ්වාස කරති.

ලලිත් කරුණාරත්න

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...