ඉරාන පාපන්දු කණ්ඩායම 2026 ලෝක කුසලාන සහභාගීත්වය තහවුරු වෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 16,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය හමුවේ, ඉරාන පාපන්දු කණ්ඩායම 2026 ලෝක කුසලානයෙන් ඉවත් වන බවට පැතිර යන කටකතා පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එවැනි නිල දැනුම්දීමක් මෙතෙක් ලැබී නොමැති බවත් ඉරානය තවමත් තරගාවලියට සහභාගී වන බවත් ආසියානු පාපන්දු සම්මේලනය තහවුරු කරයි.

ඉරාන ඉහළ පෙළේ නායකයින් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී ඇති බව වාර්තා වේ.

ඉරානය ඉවත් වුවහොත් ඇතිවිය හැකි තාක්ෂණික අර්බුදය සහ විකල්ප කණ්ඩායමක් තෝරාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

පවතින දේශපාලනික අස්ථාවරත්වය මධ්‍යයේ වුවද, තම සාමාජික රටක් ලෙස ඉරානය තරගාවලියට එක්වනු ඇතැයි පාපන්දු බලධාරීන් බලාපොරොත්තු පළ කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...