ජවිපෙ එරංග සොයා පොලීසිය CSR වටලයි! (VIDEO)

Date:

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිස් කණ්ඩායමක් මේ වන විට මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයට පැමිණ සිටිනවා.

සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ බහු ජන සංවිධාන එකතුව පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුව අතරතුරයි පොලිස් කණ්ඩායමක් එරංග ගුණසේකර සොයා පැමිණ ඇත්තේ.

එම ස්ථානයේ එරංග ගුණසේකර නොමැති බව මාධ්‍ය හමුවට පමිණ සිටින සෙසු පිරිස පොලීසිය වෙත දන්වා තිබෙනවා.

ජන අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක් වූ එරංග ගුණසේකරගේ නිවසද මීට පෙර පොලිස් කණ්ඩායමක් විසින් වටලා තිබුණු නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි.

මේ අතර පසුගිය 20 වැනිදා ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ පැවැත්වූ රැළිය ඇමතීමටද එරංග ගුණසේකර කටුතු කර තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...