ගෝඨාභයගේ යළි පැමිණීම සැප්තැම්බර් මුල !

Date:

මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

රාජපක්ෂ මහතා හෙට (24) මෙරටට පැමිණෙන බවට ඔහුගේ සමීපතමයන් මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර මේ නිසා ඔහු පිළිගැනීමට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටපුල අසලට යාමටද සූදානමින් සිටියේය. කෙසේ නමුත් පසුව වාර්තා වූයේ හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය සති දෙකකින් පමණ ප්‍රමාද කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්ව ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුනේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමි ආරක්ෂාව සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය