සුඩාන රෝහල් ප්‍රහාරය: ළමුන් ඇතුළු පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂයට..

රෂිකා හෙන්නායක මාර්තු 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සුඩානයේ නැගෙනහිර දාර්ෆූර් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට එල්ල වූ දරුණු ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම විනාශකාරී සිදුවීම හේතුවෙන් එම වෛද්‍ය මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සුඩාන හමුදාව සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් අතර පවතින සිවිල් යුද්ධය හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇත.

මෙම ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති බව වාර්තා වේ.

අහිංසක සිවිල් වැසියන් සහ මානුෂීය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා මෙම ලේ වැකි ගැටුම් වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියි.

සුඩානය තුළ වර්ධනය වෙමින් පවතින මෙම මානුෂීය අර්බුදය මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වීමට ද ප්‍රධාන හේතුවක් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...