Home විදෙස් ඉරානය සහ ඇමරිකානු F-35 යානයේ අභිරහස් ප්‍රහාරය

ඉරානය සහ ඇමරිකානු F-35 යානයේ අභිරහස් ප්‍රහාරය

රෂිකා හෙන්නායක මාර්තු 23 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු F-35 ප්‍රහාරක යානයකට ඉරානය විසින් පහර දුන් බවට පැතිර යන පුවත් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග ගුවන් කඳවුරකට සිදු කළ හදිසි ගොඩබෑමක් සහ ඉරාන ආරක්ෂක අංශ නිකුත් කළ දර්ශන මෙම මතභේදයට මුල් වී ඇත.

ලොව දියුණුම රේඩාර් මග හැරීමේ තාක්ෂණයෙන් යුත් මෙම යානයට හානි සිදුවී ඇති බව තහවුරු වුවහොත්, එය එම යානයේ අපරාජිත බව පිළිබඳ පිළිගැනීමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු බලධාරීන් මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පවසති.