කොළඹ LNW:ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා බලශක්ති ආර්ථික සංවර්ධනය පිළිබඳ විශේෂ කමිටුවක් පත්කිරීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ සම්බන්ධයෙන් අද (24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් දැනුම් දෙන ලදී.


