*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ඉස්ලාම් භුමියක ලුම්බිණිය

ලුම්බිණිය බෞද්ධාගමිකයන් මහත් ඉහළින් අගය කරන තැනකි.ඒ නිසාම සිංහල බෞද්ධ පුද්ගල නාම අතරටද ලුම්බිණිය එකතු වී ඇත.එමෙන්ම බෞද්ධ ව්‍යාපාර,විවිධ ආයතන ද ඒ නමින් හඳුන්වන්නේ බෞද්ධ අනන්‍යතාවය පෙන්නිමටය.මේ ආකාරයට බෞද්ධ හුරුවට ලුම්බිණිය වූ කොළඹ ලුම්බිණි පාසල රටේ නාට්‍යකරුවන් බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පත් තැනකි.මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වෙන කාරණා කිහිපයක්ද ලුම්බිණිය හරහා සළකුණු වෙමින් ඇත.
ජාතික මට්ටමට පැමිණි පසු එය ජාතික මිස පාසලකට අදාළ නැතත් බොහෝ පාසල්ප්‍රේමන් තමන්ගේ පාසලෙන් රටටදායාද කළ පුද්ගලයා ගැන අභිමානයෙන් කතා කිරීම සුලබය.ඒ ආකාරයට මාතලෙන් ලුම්බිණියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ගැන මෙන්ම විකුම් සංජය,මාලින්ද පුෂ්පකුමාර ගැන මෙන්ම පැතුම් නිශ්ශංකව හැඩ කළ ප්‍රදීප් නිශාන්ත වැනි ලුම්බිණි පුතුන් ගැන, ලුම්බිණිය කතා කරන්නේ මහත් ඉහළින්ය.
මේ කතාව ලුම්බිනි පුතුන්ට ලුම්බිණිය වීම නිසා වැදගත් කොට ආඩම්බර වෙන්න පුළුවන් සිඳුවීමක්ය.බුදුහිමියන් දෙසූ දහමට අනුව සියලු සත්වයන්ට මෙත,සෙත පතනු විනා සහ අත හිත පුදනු විනා කොන් කරන්නට මනුස්සයාට ඉඩක් නැත.එහි ලුම්බිනි ආදර්ශය බවට පත් අයෙක් ලෙස අද කුවේට් ජාතික කණ්ඩායමට නායකත්වය දෙන මොහොමඩ් ඉස්ලාම් හැඳින්විය හැකිය.එසේම ලුම්බිනි විද්‍යාලයට ඒ සමයේම ක්‍රීඩා කළ රවිජ සඳරුවන් ද සිල්වා ද එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වෙයි.
මේ අතරින් මොහොමඩ් ශ්‍රී ලංකාවේ මුල් පෙළ තරග සඳහා 2011 සිට 2016 දක්වා සහභාගි වි ඇති ක්‍රීඩකයෙක් වන අතර රවිජට ශ්‍රී ලංකාවේදි ඇත්තේ මුල් පෙළ එක තරගයක් සම්බන්ධ අත්දැකිම් පමණි.තවත් විශේෂයක් වන්නේ මොවුන් දෙදෙනාගේ සහ විකුම් සංජය ද එකම වයසේ එකට ලුම්බිණියේ ක්‍රිකට් සමඟ සිටි ක්‍රීඩකයින්ය.
ලුම්බිණි නම් වූ බෞද්ධ නම සහිත පාසල බුදු වදන අනුවම යමින් බේදයකින් තොරව විවර කළ පාසල් දොරටුවෙන් සිය දක්ෂතාවයන් මුවහත් කරගෙන පිටතට පැමිණි අස්ලාම් අද කුවේට් හී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙද්දී,ඔහු සමඟම සිටි විනුජ ද එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා විම අපූරුය.එසේම කුවේට් නම් ඉස්ලාම් දහමට මුල්තැන හිමිවන දේශයක,කොළඹ ලුම්බිනිය වැනි බෞද්ධ පාසලකින් ක්‍රිකට් පිටියට පැමිණි දෙදෙනෙක්ට එරට ජාතික කණ්ඩායමේ ඇති ඉහළ පිළිගැනීම ද අපූරුය.
ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ කුවේට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් අස්ලාම් ය.දෙවන ඡායාරූපයේ සිටින්නේ විකුම් සංජය සහ රවිජ සඳරුවන් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan