ශ්‍රී ලංකා – රුසියානු බලශක්ති සහයෝගීතාවේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජයේ විශේෂ ආරාධනයකට අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙති.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට පවතින බලශක්ති අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම සඳහා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමයි.

ඒ අනුව රුසියානු නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

බලශක්ති ක්ෂේත්‍රයේ නව එකඟතාවන්ට එළඹීම වෙනුවෙන් වෙන්වූ මෙම සංචාරය තුළ විදේශ අමාත්‍යවරයා සමඟ පවත්වන විශේෂ හමුවක් ද ඇතුළත් වේ.

දෙරටේ සබඳතා ශක්තිමත් කරන මෙම නිල මෙහෙයුම අවසන් කර නියෝජිත පිරිස ලබන 28 වනදා යළි රුසියාව බලා පිටත්ව යනු ඇත.

මෙම රාජ්‍යතාන්ත්‍රික හමුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.