බස් ධාවනය යළිත් කොට උඩ – හෙට සිට 50% ක් වත් බෑ

Date:

මගී බස් ධාවනය සඳහා ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා නොදෙන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ නිසා බස් ධාවන කටයුතු සැළකිය යුතු අන්දමකින් අඩාල වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය දින තුන තුළදී ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාදීම නිසිලෙස ක්‍රියාත්මක වී නොමැති අතර අද දිනයේදීද පූර්ණ ලෙස බස් ධාවන කටයුතු සිදු කිරීමට නොහැකි වූ බව ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මෙම තත්වය මත හෙට දිනය වනවිට බස්රථ 50% ක් හෝ ධාවනයට එකතු කිරීමට නොහැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

බස් ධාවනය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නම් ඉන්ධන ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙසත් ගැමුණු විජේරත්න මහතා බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...