අගෝස්තු 25 වන දා ජාතික ඔලිම්පික් කමිටුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභින් ඇගයීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.එය ආවරණය කරන්නට මාධ්‍යයට ආරාධනා කර තිබුණා.සියල්ල අවසානයේ මාධ්‍ය හමුවක් පැවත්වුණා.එයින් විශේෂ කරුණු ගණනාවක් ආවරණය වුව ද,උත්සවයේ හැඩය ගැන යම් යම් අඩුපාඩු එයින් මතුව පෙණුනා.
එය උත්සවයක් ලෙස අගය කරන්නට පැවත්වූවානම් මාධ්‍යයට ප්‍රශ්න අසන්නට කාලයක් නොදෙන්නට තිබුණා.එසේ ප්‍රශ්න කිරීම සඳහා අවස්ථාවනම් විවර කරන්නේ ඒ අවස්ථාව ලබා දෙන්න තිබුණේ පදක්කම්ලාභින්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට මාධ්‍ය ඇමතීමටයි.ඒ සඳහා ඒ දක්වා ප්‍රධාන පීඨිකාවේ සිටි පිරිස බැස,ඒ අවස්ථාව පදක්කම්ලාභින්ට සහ පුහුණුකරුවන්ට දෙන්න තිබුණා.මාධ්‍ය හමුව නොවැදගත් නැහැ.නමුත් එය ඇගයීමේ උත්සවක අනන්‍යතාවය රහිත එකක් බවට එම මාධ්‍ය හමුවෙන් පත් වුණා.
මාධ්‍ය නැඟූ ඇතැම් ප්‍රශ්න ද පොදු ඇගයීමේ උළෙලක රටට කීර්තිය ගෙන ආ පිරිස අගය කරන්නට ලැබුණු පොදු අවකාශය ප්‍රයෝජනවත් ආකාරයට භාවිතා කරන්නට යොදාගත් බව කියන්නට අපහසුයි.ඒ නිසා රට දැනගත යුතු කරුණු එළියට ආවත් මේ සංඛේතමය ඇගයීමෙන් ඔබ්බට මේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් රැක ගැනීම සඳහා ගන්නා වැඩ පිළිවෙළ ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් ලේකම්වරයා ද සිටි නිසා එකම මොහොතක ඒ කරුණු ප්‍රශ්න කිරීමට තිබුණ ඉඩ අහිමිව ගියා.
මෙහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන් කරුණු අතර ඉතා වැදගත් තැනක් ගත්තේ ලංකාවේ දක්ෂයන්ට තරග කිරීමට ඇති ක්‍රීඩා තරග ප්‍රමානවත් ප්‍රමිතියකින් සහ සුදුසු තරගකාරීත්වයකින් තොර බවයි.මේ තත්ත්වයට ජාතික ක්‍රීඩා සංගම් කළ යුත්තේ මොනවාද?අඩුම තරමේ ජාතික මට්ටමේ තරගවලට රටවල් කිහිපයක් හෝ සහභාගි කර ගැනීමට කටයුතු කිරීමයි.සමහර විට එවිට එහි ජයග්‍රාහකයන් ඒ මොහොතට ශ්‍රී ලාංකිකයන් නොවිය හැකි නමුත් එය කාලයකදී ලාංකේය ක්‍රීඩාව ජයග්‍රහණය දෙසට තල්ලු කරගෙන යන්නට හොඳ මාර්ගයක් බවට පත් විය හැකියි.නමුත් ලංකාවේ ක්‍රීඩා සංගම් ගහ බැන ගෙන උසාවි ගණනේ රස්තියාදු වෙමින් පත්වෙන්න ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ලබාගෙන වැඩ කරගෙන යන්නට මිස අනුග්‍රහකත්වයට මුදල් සොයා ගෙන වැඩ පිළිවෙලක් ඇති කර මෙහෙයවීමේ ශක්තිය ඇතුව නොවේ.
ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා පෙන්වා දුන්නේ සියලු කුණු ඔලිම්පික් කමිටුව වෙත හැරවීමේ තත්ත්වයයි.මේ තත්ත්වය අපි මිට පෙර ද පෙන්වා දී තිබෙනවා.සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම ලබා ගැනීමේ ක්‍රියාවලියේදීත් යම් අනුග්‍රාහක තත්ත්වයකට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත් වුණා.මෙවර සංචාරයට එකතු වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජාතික ඔලිම්පික් කමිටුව විසින් යම් යම් අනුග්රහයන් ලබා දී තිබුණා.නමුත් බොහෝ විට මේ අනුග්රහයන් සඳහා අදාළ ක්‍රීඩා පරිපාලනය සිය ලේබලය ගසා ගන්නවා විනා එහි මැදිහත්කරු සහ අනුග්‍රාහක පදනම රටට හෙළිදරව් වන්නේ නැහැ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස සාරංගි ද සිල්වා ගේ පසුගිය කාලයේ දුර පැනීමේ ප්රගතියේ රහස හැටියට තිබෙන දුර පැනීමේ විදෙස් පුහුණුව ලබා දි තිබෙන්නේ ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්ව බව මැක්ස්වල් ද සිල්වා පැවසුවා.එසේම අමාශා ද සිල්වා කෙටි ධාවන සූරිය ද ට්‍රිනිටෑඩ් ටොබෑගෝ හි මාස කිහිපයක පුහුණුවකට යොමු කරන්නට ජාතික ඔලිම්පික් කමිටුව මැදිහත්ව ඇති බව ද ඔහු ප්‍රතාශ කළා.
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර ඇති දුරස්වීම නවතා දැමීය හැකි පුද්ගල සාධකයක් විය හැකි මට්ටමේ ප්‍රකාශ ගණනාවක් සිඳු කළා.විහේෂයෙන්ම ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ද දැණුමෙන් මෙන්ම ඒ දැණුම ක්‍රියාත්මක කරන්ට අවශ්‍යය විද්‍යාණුකූල පරිසරයෙන් සහ උපකරණවලින් සන්නද්ධ කළ යුතුයි.නමුත් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවේ අත ගසන්නට නොලැබෙන ඇතැම් උපකරණවල සේවය ලබා ගන්නට සියයට සීයක් නොවුණත්,සැළකිය යුතු ප්‍රතිශතයකින් ආවරණය කර ගන්නට හැකි ආදේශවලට යාමට තරම් දක්ෂයි.අමාත්‍යංශ ලේකම්වරයා ද පුහුණුකරුවාගේ භූමිකාව සම්බන්ධයෙන් මැදිහත්වීමක් විය යුතු බව විශ්වාස කරන නිසා පැල ගැන පමණක් නොවන පැල හදන මිනිසුන් ගැන ද මීට වඩා අවධානයක් යොමු කරන්නට ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරනු ඇතැයි සිතිය හැකියි.
නමුත් මේආයතන දෙක අතර සම්බන්ධතාවයන් තහවුරු නොවන තැන හදුනා ගන්නට පහසුම ඉඩ කොළොම්ඹියා ගමන සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය හරහා අවබෝධ කර ගන්නට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට හැතියාව තිබෙනවා.ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනමය ව්‍යහුය නිශ්චිත වේලාවකට අනුව වැඩ නොකරන අවශ්‍යයතාවයේ හැඩය අනුව වේලාව සකසා ගෙන ඇතැම් විට දවසකට පැය 10 – 20 අතර කාලද වැඩ කරන්නට එකඟ පිරිසක්.මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යංශයට හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට දැරිය නොහැකියි.එසේම තැනින් තැනට වසර ගණනකට වරක් ස්ථාන මාරු ලබන නිලධාරීන් වෙනුවට කරන විශය සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් සහ හැදෑරීම් ඇති පිරිසක් ඔලිම්පික් කමිටුව සතු වෙන අතර ඒ අත්දැකීම් නිසාම ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට විදේශයන්හී ප්‍රශ්නයට ඉලක්කගත වන පුද්ගලයා හා සෘජුව සම්බන්ධ වෙන්නත් ඉඩ ලැබෙනවා.
නමුත් ක්‍රීඩාව යන විෂය සම්බන්ධයෙන් රාජ්‍යමය මැදිහත්වීම අප සතුයි කියන පෞරුශය මත ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ඔලිම්පික් කමිටුවට වඩා වගකීම් සහිත බව පෙන්වීමට දරණ උත්සාහයේදී සිඳුවන්නේ ආයතිනක වශයෙන් මේ දෙකට ක්‍රීඩාව සම්බන්ධ වෙන වෙනම පැවරෙන කාර්යයන් පැටලවී ඒවායින් ක්‍රීඩාව වැටීමයි.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධ යම් යම් වගකීම් පවරද්දී ද වෛරී ආකාරයට හැසිරෙන්නන් හෝ වෛරය පිරිමසා ගන්නන් වගකිව යුතු තැන්වලට ගෙන ඒමෙන් වෙන්නේ ක්‍රීඩාවට යා හැකි දුර සහ ඊට අවශ්‍යය වේගය පවත්වාගෙන යන්නට බාධා එල්ල වීමයි. උදාහරණයකට ජාතික ක්‍රීඩා සභාව අවශ්‍යය වන්නේ එහි පනතේ වගන්ති අනුවම රටේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ සටහන් සඳහා දායක වන්නටයි.එය ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙයවීමට උත්සාහ කරන බව සිතන්න.සිඳුවන්නේ බාධාවක් සහ ප්‍රමාදයක් පමණයි.නමුත් මේ ව්‍යහුයන් දෙකට එකිනෙකාට මිත්රශීලීව අදහස් සහ දැණුම බෙදා ගන්නට මාර්ගයක් සකසා ගන්නට හැකිනම් වැදගත් එයයි.
එසේම ක්‍රීඩාව සහ ක්‍රීඩකයා සමාජගත කරන ආකාරයේ වගකීමක් ද තිබෙනවා.නෙත්මි අහිංසාගේ ජයග්‍රහණය කොස් සහ ගමේ අල බතල ප්‍රචාරය කිරිමට යොදා ගැනීමට වඩා වැදගත් ඇය මේ ජයග්‍රහණය ලබා ගැනීමට අවසාන මොහොතේ හංගේරියාවේදි ලැබුණු පහසුකම් සමඟ සිය පුහුණුකරු සමඟ ඉසව්ව සැළසුම් කළ ආකාරයයි.එහි තිබුණ පහසුකම් ගැන අවබෝධයකට ඒමයි.හෘද ස්පන්දනය මනින උපකරණයක සහය හෝ නොලැබ පුහුණුව කරන ක්‍රීඩිකාවක් කොස් කෑ නිසා දිණුම් වැනි කතාවකින් ඔබ්බට කොස් වෙනුවට දිගටම හංගේරියාවේ කෑම වේල තිබුණානම් කියන තැනයි සමාජමය සාකච්ඡාව විය යුත්තේ.එහිදි නම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා පවසන පරිදි ක්‍රීඩාව වැනි විෂයක ජයග්‍රහණ තියෙන දේ හැටියට පිරිමසා ගෙන රටේ තියෙන දේ ප්‍රමානවත් කියා අභිමානය රැකෙන පරිදි කරන කතාවලින් කරන්න බැරි වෙනවා.ඇත්ත තත්ත්වය අද වන විට ලංකාවේ විශාල පවුල් ප්‍රමාණයක් කන බොන හැටි සීමා කරලා සහ ඇතැමුන් වේලක් අතහැර තිබීමයි.ඒ නිසා ක්රීඩාවන්ගෙන්නම් එවැනි පිරිමසාගැනිම්වලින් තෘප්තිමත්ව ජයග්‍රහණ ගෙන එන්නට බැහැ.
මෙහිදී බොහෝ විට තරග උළෙලක් සම්බන්ධයෙන් රටේ ක්‍රීඩා සංගම් වැඩ කරන ආකාරයද සාකචඡාවට ගැණුනා.ඒ විවේචනය ජාතික ඔලිම්පික් කමිටුව පිළිගත්තේ එය ගිනි නිවීම සඳහා කටයුතු කරන අවස්ථාවක් වැනි බව කියමින්.ක්‍රීඩා අමාත්‍යංශ්‍යට හෝ ජාතික ඔලිම්පික් කමිටුවට බොහෝ ක්‍රීඩා සංගම් තමන්ගේ වාර්ශික වැඩ පිළිවෙල ලබා නොදෙන බවයි එහිදී හෙළිදරව් වූයේ.දීර්ඝකාලීන ලෙස සහ කෙටි කාලීන ලෙස ක්‍රීඩාව නඟා සිටුවිම,අනාගතය සැළසුම් කිරීමේ වැඩ සටහන් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන්ද සැළසුම් කිරිම අත්‍යවශ්‍යය වෙනවා.මේ කිසිවක් නැති වපසරියක ක්‍රීඩකයින් ජයග්‍රහණ සඳහා මෙහෙයවීම,නැති තරගකාරීත්වයක් නිර්මාණය කර ගනිමින් ඒවා හඹායාමට ක්‍රීඩකයා පෙළඹවීම යන දේ ලංකාවේ පුහුණුකරුවාගේ ක්‍රියා කළාප අතර දකින්නට ලැබෙනවා.
මේ පසුබිම සළකද්දී ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් නිර්මාණශීලී දක්ෂයන් බවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා දෙන සහතිකය අතිශයින් වැදගත්.ඒ නිසාම පුහුණුකරුවා යන දක්ෂයාගේ භූමිකාව එතෙකින් සෑහීමකට පත් නොවිය හැකි කපා එප දැමිය යුතු තත්ත්වයේ තිබෙන එකක් බවත් අප කියවාගත යුතු වෙනවා.
LNW මීට පෙරත් යෝජනා කරමින් සටහන් කර පරිදි උපහාර පිඳුම්වලදී සළකා බැලිය යුත්තේ පදක්කම් පමණක් නොවන බව මෙහිදීත් කිව යුතුයි.ඒ අනුව මේ අවස්ථාවට උත්සවයේ පූරක භූමිකාව කළ සහෘද මාධ්‍ය මිතුරා හරිත පෙරේරා විශේෂයෙන් සඳහන් කළ රගර් කණ්ඩායමද මෙහිදී සංඛේතාත්මකව අගය කරන්නට තිබුණා.ඔවුන් උත්සවයට කැඳවන්නට තිබුණා.එසේම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී එහි ක්‍රීඩා කමිටුවේ යාවජීව ගෞරව සාමාජිකත්වයට පත් හේමසිරි ප්‍රනාන්දු ඇගයීම ද මෙයට ඇතුළත් වෙන්නට තිබුණා.
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණ බීමේ කාමරයක හිරව තිබූ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව මෙවැනි පරිපාලන ඒකකයක් සහිත බිමකට රැඟෙන ඒමම අපූරුයි.එය සර්ජි බුබ්කා වැනි ලෝ පතල ක්‍රීඩා පරිපාලකයන්ගේ පවා ගෞරවයට පත් වූවා.ඒ නිසා ඒ ක්‍රීඩාවට පහසුක්ම සැළසිම කියන ආකාරය ක්‍රීඩා භූමියට පමණක් සීමා නොවන බව පිළිගත යුතු වන අතර ඔලිම්පික් ආයතනය වාර්හිකව ක්‍රීඩාවේ පරිපාලනමය විෂයන් සම්බන්ධයෙන් කරන පාඨමාලාවන් හී ආරම්භය සහ ඒ ස්ථානයේ ආරම්භයත් හේමසිරි ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ඇති වූ බව මෙහිදි අප අමතක නොකළ යුතු වෙනවා.
උපහාර පලක රැඟෙන ගිය පාලිත බණ්ඩාර,නෙත්මි අහිංසා,ඩිලංක ඉසුරු කුමාර සහ ඔවුන්ගේ පුහුණුකරුවන් යළි දවසක මෙවැනි ඇගයීමක් සඳහා සැකසෙන පීඨිකාවක රඳවා ගන්නා ඉඩ ඉතුරු කර ගන්නේ කොහොමද?මේවා රතිඤ්ඤා මෙන් පුපුරා ඉතුරුවන රොඩු බොඩු වෙයිද?තවත් වාර ගණනාවක් ජයග්‍රාහකයන් ලෙස මේ නම් ඇසීමේ භාග්‍යය මේ රටට ඉතුරු කිරීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව තමන්ගේ සීමාවන් හි සහ හැකියාවන්ගෙන් රැක දෙන්නට පෙරට පැමිණිය යුතුයි.මැක්ස්වල් ද සිල්වා 2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙල සම්බන්ධයෙන් පැවසූ ඉඟිය අතිශයින් වැඳගත්.
“ඔලිම්පික් පදක්කමක්”
ඉනික්බිතිව එය වචන ඉක්මවා යන ක්‍රියාවක් කිරීම වෙහෙසකර වෑයමක්.එයට ජාතික ඔලිම්පික් කමිටුවට,ක්‍රීඩා අමාත්‍යංශයට,අනුග්‍රාහක භවතුන්ට පමණක් නොව අප කියන වචනවලට ද,ලියන වචනවලට ද විශාල වෙහෙසක් දරන්න වෙන වැඩක්.ඒ සඳහා අසීමීතව කැපවෙන්නට පෙළ ගැසෙනු විනා සීමාවන් සම්බන්ධයෙන් වැඩ කිරීමේ අර්බූද නිර්මාණය කර ගැනීමේ “පොරය” පරිපාලකයන් විසින් නවතා දැමිය යුතු වෙනවා.ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් මැදි කර,පුද්ගල පෞරුෂයන් ගොඩ නංවා ගැනීමේ අභිප්‍රායෙන් කරන පොරය නැවතිය යුතුයි.මේ සද්ධන්ත පොරයේ මැද සිට තැලෙන්නේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයායි.
පදක්කම් එකක්ම නෙමෙයි…. තව…
එතැනට පෙළ ගැහෙන වගකීමට සියල්ල එක විය යුතුයි.පදක්කම්වලින් පමණක් ඇගයීම වෙනුවට සාධනීය වෙනස්කම් ද ඇගයීමට වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයටත්,ජාතික ඔලිම්පික් කමිටුවටත් තිබෙන්නේනම් ඒවා ද පදක්කම් කරන අභිප්‍රේරනයන් යන්න ක්‍රීඩාවේ හිතසුව පිණිස සටහන් කරන්නෙමු.
RM