ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී අද(20)දින දිල්ලියේ සංචාරයක නිරත වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී මහතා හමුව ඇති බව වාර්තා වේ.

වෙළඳාම සහ අනෙකුත් සබඳතා නැවත ආරම්භ කිරීමට මෙන්ම දිගු කලක් තිස්සේ පැවති හිමාලයානු දේශසීමා ආරවුල විසඳීම සඳහා කටයුතු කිරීමට එකඟ වෙමින්, ඉන්දීය අගමැති සහ චීන විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් තම රටවල බිඳුණු සම්බන්ධතාවයේ ප්‍රගතියක් අත්විඳ ඇතිව ඇති බව නිවේදනය කර තිබේ.

‘සිය සංචාරයෙන් අනතුරුව පසුගිය වසර කිහිපය තුළ අප අත්විඳි පසුබෑම් අපගේ දෙරටේ ජනතාවගේ යහපතට හේතු නොවීය. දේශසීමා තුළ දැන් යථා තත්ත්වයට පත් කර ඇති ස්ථාවරත්වය දැකීමෙන් අපි සතුටට පත් වූ බව‘ වැන්ග් යි මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම ද්වි පාර්ශවිය හමුවේ ප්‍රතිඵලයක් ලෙස නැවත වරක් දෙපාර්ශ්වයම සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟව ඇති අතර මෙන්ම මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කිරීම සහ ව්‍යාපාරික හා සංස්කෘතික හුවමාරු සඳහා පහසුකම් සැලසීම ඉදිරියට සිදු වනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව හා චීනය වෙනුවෙන් නව තීරුබදු පැනවීමත් සමඟ ඇතිව ඇති අමනාපකම් මධ්‍යයේ, ඉන්දියාව හා චීනය අතර මෙම සම්බන්ධතා වර්ධනය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...