රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක්. මිලත් ඉහළට !

Date:

මේ වනවිට රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක් පවතින බවත් ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වෙළඳපොලට තිරිඟු පිටි නිකුත් කිරීම සීමා කර ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඉන්දියාවෙන් මෙරටට තිරිඟු පිටි ගෙන්වා තිබුණු ව්‍යාපාරිකයින් මේ වනවිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350ක් දක්වා ඉහළ දමා ඇති බවයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.

“අද වෙනකොට ලංකාවේ දරුණු තිරිඟු පිටි හිඟයක් තියෙනවා. ලංකාවේ පිටි අවශ්‍යතාවය සැපයුම් කළේ සමාගම් දෙකක් විසින්. ඒ සමාගම් දෙකට තිරිඟු ඇට ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔවුන් ලංකාවේ සමස්ත පිටි අවශ්‍යතාවයෙන් 25%යි බෙදා හරින්නේ. එතකොට 75%ක හිඟයක් තිබුණා. මේ හිඟයට හරියන්න ඉන්දියාවෙන් සහ තුර්කියෙන් තිරිඟු පිටි ආනයනය කළා. පෞද්ගලික වෙළෙන්දෝ එහෙම ආනයනය කරලා තත්වය සමනය කළා. ඊයෙ පෙරේදා ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තාවකාලිකව තහනම් කළා. ඒත් එක්කම ඉන්දියාවෙන් ලංකාවට පිටි ගෙන්වා තිබුණු ව්‍යාපාරිකයෝ ටික රුපියල් 200 – 210 ට දෙන පිටි කිලෝව අද රුපියල් 350 වෙනකල් ඉහළ දාලා. මේක ඉතාම අසාධාරණයි. මෙහෙම ගියොත් අන්තිමේ පාන් කෑල්ලක්වත් දකින්න නැතිවෙයි. පාන් ගෙඩියක් රුපියල් 250 – 300 ට තමයි ගන්න වෙන්නෙ”

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...

රජයේ බදු සහන පිළිබඳ නවතම විශ්ලේෂණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : 2025 වසරේ මුල්...