එහෙම තමා දේවල් වෙන්නෙ ….

”දරුණු අවුරැලි නගන නගරෙකත්
මහ රෑට හද්ද සීතල වෙනවා”
කවදාවත් මුහුද තරණය නොකල මට
මූදු හතක් තරණය කරලා ඇවිත්
මට ඔයා කිව්වෙ එහෙම

ඒත් මං හිතුවා – ‘එහෙම නැතිව ඇති’
කියලා.

ඔහොම ඔහොම තරම කාලෙකට පස්සෙ
අපි එහා මෙහා මගෑරුණු කාලකට පස්සෙත්,
‘එහෙම තමා දේවල් වෙන්නෙ’
මං කියන්නෙ,
උදේට රස්නි නං – රෑට සීතයි,
එයා හරි!

මට කියන්න ඕනෙ උනෙ මෙච්චරයි,
කවමදාවත් එකට නොහිටපු රටකත්
අර, තද නිල්පාට පිටේ දාන බෑග් එක
ඒ වගේ වෙන බෑග් එකක් දැක්කත්
හිත ගැස්සෙන එක – ඇත්තක්!

~ හෂාන් අබේගුණරත්න