Home පුවත් දේශපාලන පුවත් කෙහෙළියගේ තවත් වංචාවකට ඇල්ලූ කෝන්ගහගේ සහ අබේසිංහ රිමාන්ඩ්

කෙහෙළියගේ තවත් වංචාවකට ඇල්ලූ කෝන්ගහගේ සහ අබේසිංහ රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ දේවප්‍රිය අබේසිංහ යන අය අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනාව ඊයේ පස්වරුවේ (07) අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

අල්ලස් කොමිසම විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක පාඩුවක් සිදුකර ඇති බවට වන චෝදනාවක් යටතේ ය.