මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්!

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසිනුයි එම පෙත්සම ගොණු කර ඇත්තේ.

විරෝධතාවන්හි නිරතව සිටියදී විවිධ අපරාධයන්ට සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන්ට ඇප හිමි වීම ගැන විනිසුරුවරුන්,නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගකිවයුතු බවටයි සනාථ නිශාන්ත මන්ත්‍රීවරයා පවසා තිබුණේ.

නියමකාරයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවන නිසා එම පුද්ගලයන්ට බියක් සැකක් නොමැති බවත් පුරාවිද්‍යා පනත යටතේ හා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සිදුකළ යුතු වුව ද මහෙස්ත්‍රාත් අධිකරණ මගින් ඔවුන්ට ඇප හිමි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මන්ත්‍රීවරයාට එරෙහිව ගොණු කර තිබෙන පෙත්සම මඟින් පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ, එම චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙසයි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත,ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...