මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්!

Date:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසිනුයි එම පෙත්සම ගොණු කර ඇත්තේ.

විරෝධතාවන්හි නිරතව සිටියදී විවිධ අපරාධයන්ට සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන්ට ඇප හිමි වීම ගැන විනිසුරුවරුන්,නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වගකිවයුතු බවටයි සනාථ නිශාන්ත මන්ත්‍රීවරයා පවසා තිබුණේ.

නියමකාරයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවන නිසා එම පුද්ගලයන්ට බියක් සැකක් නොමැති බවත් පුරාවිද්‍යා පනත යටතේ හා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සිදුකළ යුතු වුව ද මහෙස්ත්‍රාත් අධිකරණ මගින් ඔවුන්ට ඇප හිමි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මන්ත්‍රීවරයාට එරෙහිව ගොණු කර තිබෙන පෙත්සම මඟින් පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ, එම චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන ලෙසයි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත,ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...

කැටිපෙගේ ”විනිවිද කළුවර දිදුලන හදවත” එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW:මාධ්‍යවේදියෙකු,සාහිත්‍යවේදියෙකු, කවියෙකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ද වන විමල්...

ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් බදුල්ලට!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: ELLA WEEKEND EXPRESS නමින්...