මෙරට ළමා මන්දපෝෂණය පිළිබඳ යුනිසෙෆ් නිකුත් කළ වාර්තාව ගැන සජිත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරයි

Date:

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ළමයින් අතර ක්‍රමයෙන් වර්ධනය වන මන්දපෝෂණ තත්වය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය පසුගියදා වාර්තාවක් නිකුත් කර තිබිණි. අදාල වාර්තාවට අනුව ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

විපක්ෂ නායකයා එහිදී සඳහන් කළේ මෙය ඉතා බරපතල තත්වයක් බවයි. සමස්ත ලෝකයේම 06 වැනි තැනට මෙන්ම ආසියානු කලාපයේ ළමා මන්දපෝෂණය අතින් දෙවැනි ස්ථානයට පත්ව ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මේ පිළිබඳව සෞඛ්‍ය බළධාරීන්ගේ කඩිනම් අවදානය යොමුවිය යුතු බවයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සඳහා නිළ නිවාස සකස් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 4000 ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා, එවැන කටයුතුවලට මුදල් වැය කිරීමට පෙර රටේ ජනතාවගේ කුසගින්න නිවා දැමීම සඳහා, විශේෂයෙන් අනාගත පරපුරරේ පෝෂණය සඳහා ක්‍රියාමාර්ග ගතයුතු බවද අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...