ශ්‍රීලංකන් කේටරින් පෞද්ගලීකරණයට සූදානම් !

Date:

ශ්‍රීලංකන් කේටරින් සමාගමේ කොටස් 49% ක් හා එහි පරිපාලනය පෞද්ගලීකරණය කිරීමට තීරණය කළ බව විෂය බාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. මීට අමතරව ගුවන් තොටුපල මෙහෙයුම්වලින් 49% ක් හා එහි පරිපාලන කටයුතුද පෞද්ගලීකරණය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම කොටස් පැවරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු පිළිබඳව සොයා බලන බවත්, වැඩි කොටස් ප්‍රමාණයක් ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහාද සූදානම් බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මේ හරහා ලැබෙන මුදල්වලින්, සමාගමේ කොටස් උගස් තබා ලබාගෙන ඇති ඩොලර් මිලියන 80 ක ණය මුදල පියවීමටත් තවත් ණයක් පියවීමටත් හැකියාව ලැබෙන බව ඔහු පවසනවා. මේ හරහා සමාගමේ ණය බර යම් ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බවද නිමල් සිරිපාල මහතා සඳහන් කරයි.

2010 වසරේදී ස්ථාපිත කළ ශ්‍රීලංකන් ගුවන් සමාගම ආරම්භයේ පටන්ම අලාභ ලැබූ අතර මේ වනවිට සමාගම සතු ණය ඩොලර් බිලියන 1.1 ඉක්මවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...